Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට විනිසුරුවරුන් නම් කෙරේ.

 Court_02

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන් තිදෙනෙකු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විසින් ඊයේ පත්කර තිබේ.

දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ආර්. ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවරුන් එසේ දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා නම් කර තිබේ.

මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබිණි.

ඒ අනුව එහි පළමු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරුවරුන් නම් කෙරුණු අතර එහි පළමු නඩුව 2018 අගෝස්තු 24 වනදා කැඳවන ලදී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි ගාමිණී සෙනරත්ට සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා ඇති මූල්‍ය වංචා සම්බන්ධ නඩු දෙකක් දැනට එම විශේෂ මහාධිකරණයෙහි විභාග කෙරේ.

The post දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට විනිසුරුවරුන් නම් කෙරේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();