Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෙනේ සිරවූ දරුවන් පිටතට ගැනීමට මාස ගණනක්

තායිලන්තයේ ලෙනක් තුළ සිරවී වූ ළමයින් නිරුපද්‍රිතව සිටින බව තහවුරු වූ නමුත් ඔවුන් එයින් පිටතට ගැනීමට මාස ගණනක් ගත වන බව දැන ගැනීමත් සමඟ ඔවුන්ගේ මවුපියන් දැඩි නොසන්සුන්තාවට පත් වී සිටී. ඔවුන් එයින් පිටතට පැමිණීමට නම් කිමිදුම් පුහුණුවක් ලබාදීමට හෝ දැඩි ගංවතුර පහව යන තෙක් මාස ගණනක් ලෙන තුළ විසීමට පුහුණු කළ යුතුව තිබෙන බව හමුදාව පැවසීය.

සෝදිසි මෙහෙයුමේ නිරත බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් දෙදෙනකු විසින් ඔවුන් සිටින ස්ථානය සොයා ගත්තද කිමිදීමේ හැකියාවක් නොමැති මේ ළමයින් එහි පවතින ජල මට්ටම හමුවේ රැගෙන ඒම දැඩි දුෂ්කර කාර්යයක් වනු ඇති බව ඔවුහු පවසති.

මේ ලෙන තුළ පවතින ගංවතුර මට්ටම තවත් මාස තුනක් පමණ පවතින බවට විශ්වාස කරන අතර එම කාලය අතරතුර ඔවුන්ගේ අවශ්‍යතා සපුරමින් එහි රඳවා තැබීම පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතී.

ඒ අනුව ඉදිරි මාස හතරට ප්‍රමාණවත් ආහාර ලෙන තුළ සිටින පිරිසට යැවිය යුතු අතර ඉදිරි දින කීපය ඇතුළත විශේෂිත පුහුණුවක් ලැබූ වෛද්‍යවරුන් කණ්ඩායමක් ළමයින් සිටින ස්ථානයට ගොස් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට සැලසුම් කර ඇත. ලෙන තුළට පිවිසිය හැකි වෙනත් මාර්ග සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් තවත් කණ්ඩායම් කඳු අතර ඇති කැලෑ එළි පෙහෙළි කරමින් සිටීන බවත් පොම්ප කිරීමෙන් ජල මට්ටම අඩු කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ බවත් පවසන ආණ්ඩුකාර නරෝන්ග්සක් ඔසොතනකොන් ලෙන තුළට විදුලි සැපයුම ලබාදීමට සහ දරුවන්ට සිය මවුපියන් සමඟ කතා කිරීම සඳහා දුරකථන මාර්ග ස්ථාපනය කිරීමට උත්සාහ දරන බව පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();