Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යුනිෆයිට් ජාතික තේරීම් 6-7 පානදුර දී

ජාත්‍යන්තර යුනිෆයිට් සම්මේලනය මගින් 2018 සහ 2019 වසරවල පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි සහ වැඩසටහන් සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහභාගීකර වීමට ජාතික යුනිෆයිට් සම්මේලනය අපේක්ෂා කරයි.

මේ සඳහා පුහුණු සංචිතයක් ආරම්භ කිරීම සහ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සඳහා වැඩිදුර පුහුණුව ලබාදීමටත් දක්ෂතා දක්වන්නන් ජාත්‍යන්තර තරග සඳහා යොමුකරවීමටත් සම්මේලනය කටයුතු යොදා තිබේ. ඒ අනුව පුහුණු සංචිතය සඳහා ඉල්ලුම්පත් භාර ගැනීම හා තේරීම් පරීක්ෂණය හෙට (6) සහ අනිද්දා පෙරවරු 9.00 සිට 12.00 දක්වා පානදුර සුමංගල පිරිමි විදුහල අසල පිහිටි යුනිෆයිට් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මේ සඳහා පසුගිය යුනිෆයිට් තරග හා වැඩමුලු සඳහා සහභාගිවු සැමට මෙන්ම යුනිෆයිට් ක්‍රීඩාව හැදැරීමට කැමත්තක් දක්වන ආයතන කණ්ඩායම් හෝ ඕනෑම අයෙකුට ඉල්ලුම් කළ හැකිය.

ලබන මස පුහුණුකරු සහ විනිසුරුවන් සඳහා පාඨමාලාවන් පැවැත්වීමටද නියමිත අතර ඒ සඳහා ද මේ දිනවල අයැදුම්පත් භාර ගැනේ. මේ සියලු පුහුණුවීම් හා වැඩසටහන් නොමිලේ පැවැත්වේ.

මේ සඳහා ක්‍රීඩා සමාජවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන් සහ පුහුණුකරුවන්, ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෟද්ධිය සඳහා දායකවන්නා වු සියලු ආරක්‍ෂක සේවාවන් හා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, බාල දක්ෂයින්, ශිෂ්‍ය භට සමාඡිකයන් ඇතුළු සැමට ශ්‍රී ලංකා යුනිෆයිට් සම්මේලනය ආරාධනා කරයි.

යුනිෆයිට් යනු හමුදාමය ක්‍රියාකාරකම් සහිත බාධක තරණයත් ඉලක්කයට වෙඩි තැබීම, පිහිය විසි කිරීම සහ ආත්මාරක්ෂක සටන් ශිල්ප ක්‍රම එක් තැන්වු ක්‍රීඩාවකි. 2018 ජාතික යුනිෆයිට් ශූරතාවලිය එළැඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතය. වැඩි විස්තර දු.ක. 0785167721 (උදිත පීරිස්) මගින් හෝ නො.18/1 ශ්‍රී පේමානන්ද මාවත, බෙක්කේගම, පානදුර ලිපිනයෙන්, Srilankaunifightfederation@gmail.com විද්‍යුත් ලිපිනය මගින් ලබාගත හැකිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();