Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිලධාරීන් අතර සුළු මතභේද තිබුණත් ජාතික පාපන්දු පිල ඉතා ශක්තිමත්

ශ්‍රී ලංකා පාපන්දු කමිටු නිලධාරීන් අතර මතභේද තිබුණද එය අර්බුදකාරී තත්ත්වයක තරම් බරපතළ නොවන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් යූ. එල්. ජස්වර් මහතා පවසයි. බංග්ලාදේශ සංචාරයේදී නිලධාරීන් කිහිපදෙනකුගේ ප්‍රශ්න වාර්තා වුවද, ක්‍රීඩකයන් අතර කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ජස්වර් මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දකුණු ආසියා පාපන්දු තරගාවලිය නිමාවට පත්වී ශ්‍රී ලංකාවට පැමිණ ඇති හෙයින් කෙටි විවේකයකින් පසු නැවැත පුහුණුවීම් ආරම්භ කොට ලබන මාසයේ 12වැනිදා කොළඹදී මැලේසියාව සමග තරගයකට සහභාගීවීමට සූදානමින් සිටින බව ඒ මහතා පැවැසීය.

“අපේ පාපන්දු කණ්ඩායම ඉතා හොඳ ප්‍රවණතාවක් ලබා තිබෙනවා. එම ප්‍රගතියෙන් දැක්වෙන්නේ පාපන්දු පිල හොඳින් ඉදිරියට යන බවයි. ජාතික පිලේ ක්‍රීඩකයන් ඉතා හොඳ මානසිකත්වයකින් සිටිනවා. කාලයකට පසු බංග්ලාදේශයේදී ජාත්‍යන්තර තරගයක් ජයග්‍රහණය කළා. ඒ වගේම මාලදිවයින සමග තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරව නිමා කළා. මේ ප්‍රතිඵලය ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ඉතා වාසි සහගත ප්‍රතිඵලයක් වේවි. මේ තත්ත්වය මත තවත් සීග්‍ර වර්ධනයක් අපට අපේක්ෂා කළ හැකියි” ජස්වර් මහතා පැවැසීය.

පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා හා සම්මේලනයේ සියලු දෙනා කැපවී කටයුතු කරන හෙයින් ජාතික පාපන්දු පිලට සියලු දෙනගේ සහයෝගය හා ආශිර්වාදය ලබාදෙනු ඇතැයි ජස්වර් මහතා විශ්වාසය පළ කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();