Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලිංග යළිත් එයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

මේ මස 15වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියා කුසලාන ක්‍රීකට් තරගාවලියට වේග පන්දු යවන ලසිත් මාලිංග කැදවයි. මාලිංග පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියට පසු යළි ශ්‍රී ලංකා පිලට එක්වන පළමු අවස්ථාව මෙය වේ. මාලිංගට අමතරව වේග පන්දු යවන්නන් ලෙස දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල් හා ළහිරු කුමාර ආසියානු කුසලාන තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිලට නම් කොට ඇත.

මාලිංග ඊයේ නිමාවූ අන්තර් පළාත් විස්සයි 20 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කොට තරග 6කදී කඩුලු 3ක් දවාගෙන ඕවරයකට ලකුණු 8.62ක් ලබාදී තිබුණි.

මෙතෙක් පිතිකරුවෙකු හා කඩුලු රකින්නකු ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල මෙම සංචිතයෙන් ඉවත්කොට ඇති අතර, නිමාවූ දකුණු අප්‍රිකානු සංචාරයේදී විනය හේතුමත තරග තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක සංචිතයට ඇතුලත්ව සිටී. කොදෙව් සංචාරයේදී විනය විරෝධී ක්‍රීයා හේතුවෙන් තරග තහනමකට ලක්වූ ජෙෆ්රී වැන්ඩර්සි වෙනුවට වමත් දඟ පන්දු යවන අමිල අපොන්සු කැදවා ඇති අතර පිට දඟ පන්දු යවන දිල්රුවන් පෙරේරාට ශ්‍රී ලංකා සංචිතයේ අවස්ථාවක් හිමිව තිබේ.

ආසියා කුසලාන ක්‍රීකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය මේ 15වැනිදා බංග්ලාදේශය සමග හා දෙවැනි තරගය 17වැනිදා ඇගනිස්තානය සමග පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();