Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තරංග කොළඹ බබළවයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය සංවිධාන කළ අන්තර් පළාත් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ පිල දිනා ගනියි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රියේ විදුලි ආලෝක ධාරා මැද පැවැති අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ නායක ඉසුරු උදාන මුලින් පන්දුවට පහරදී ඕවර් 20ක් තුලදී කඩුලු 8ක් දැවී ලකුණු 163ක් ලබාගත් අතර උපුල් තරංගගේ නායකත්වයෙන් කොළඹ පිල ඕවර් 18.2කට කඩුලු තුනක් දැවී ලකුණු 167ක් ලබා ජය වාර්තා කළේය.

කොළඹ කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ගේ ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ඊයේ දිනයේ කොළඹ කණ්ඩායමට නායකත්වය නොදුන් අතර නායකත්වයේ වගකීම හා කඩුලු රැකීමේ කාර්ය උපුල් තරංගට පැවැරී තිබිණි. උපුල් තරංග මෙම තරගාවලියේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස තම සියලු අත්දැකීම් උපයෝගී කොට කොළඹ පිල වාසි සහගත තත්ත්වයකට පත් කළේය.

උපුල් තරංගගේ අති දක්ෂ පිතිකරණය කොළඹ පිල ජයග්‍රහණයට යොමු කළ අතර පන්දු 55කදී හයේ පහර 9ක් හා හතරේ පහර 6ක් සමග නොදැවී ලකුණු 104 ලබා ගත්තේය. තරංග මෙම තරගාවලියේ සාර්ථක පිතිකරුවෙකු ලෙස දක්ෂතා ප්‍රදර්ශනය කරමින් තරග 7කදී ශතක 2ක් හා අර්ධ ශතක 2ක් සමග ලකුණු 414ක් ලබා ගත්තේය.

තරංග ඊයේ දිනයේ තම ශතකය පන්දු 52කදී සම්පූර්ණ කළ අතර එවිට ඔහුගේ පිත්තෙන් හයේ පහර 9ක් හා හතරේ පහර 5ක් එල්ලවී තිබිණි. ජයග්‍රහණයට ලකුණු 1ක් අවශ්‍යව තිබියදී තරංග හතරේ පහරකින් ජයග්‍රහණය සැමැරීය. දඹුල්ල පිලේ කිසිදු පන්දු යවන්නෙකුගේ පීඩනයට හසු නොවූ උපුල් තරංග පිටියේ සතර දෙසට පහර එල්ල කරමින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.

තරංගට අනගි සහනයක් දුන් ෂෙහාන් ජයසූරිය පන්දු 22කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 35ක් ලබා ගත්තේය.

දඹුල්ල පිල වෙනුවෙන් රමිත් රඹුක්වැල්ල පන්දු 40කදී හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් සමග ලකුණු 57ක් ලබාගත් අතර මහනුවර ත්‍රිත්ව විදුහලෙන් බිහිවූ 19 හැවිරිදි හසිත බෝයගොඩ පන්දු 26කදී හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 40ක් වාර්තා කළේය.

මෙම අවසන් තරගය නැරුඹීමට විශාල පිරිසක් ආර්. ප්‍රේමදාස පිටියට පැමිණ සිටි අතර තරගයේ එක් ඉනිමක් අවසානයේ ලැබුණු විවේකයේදී නරඹන්නන් වෙනුවෙන් විනෝදාස්වාද තරග ද ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කර තිබිණි.

දඹුල්ල පිල කඩුලු 8කට ලකුණු 163 (20)

රමිත් රඹුක්වැල්ල 57, හසිත බෝයගොඩ 40, වනිඳු හසරංග 22 ( අකිල ධනංජය 37/2, කමිඳු මෙන්ඩිස් 27/2)

කොළඹ පිල කඩුලු 3කට ලකුණු 167 ( 18.2 )

උපුල් තරංග නොදැවී 104, ෂෙහාන් ජයසූරිය නොදැවී 35 ( අමිල අපොන්සු 27/1, දිල්රුවන් පෙරේරා 36/1, ඉසුරු උදාන 26/1)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();