Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දරුවට කන්න දෙන්න විදියක් නෑ….මෙහෙම ගියොත් කොරෝනා නෙවෙයි බඩගින්නේ මැරෙයි.

වෛරසය ආරම්භ වෙද්දී තමන් අත තිබුණේ රුපියල් හයසීයක් පමණක් බවත් දැන් ඇත්තේ රුපියල් දහයේ කාසි දෙකක් පමණක් බවත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කියාසිටියේය.

එම නාලිකාවේ වැඩසටහන සමඟ එක්වී සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන  වෙත එම පුද්ගලයා කියා සිටියේ තම දරුවා මේ වන විට තමන්ගෙන් බිස්කට් ඇතුළු විවිධ දේ ඉල්ලමින් සිටින බවත් දැන ඒවා ගෙන දීමට හැකියාවක් නැති බවත් ය.

ඒ නිසා මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන ගියහොත් කොරෝනා නිසා නොව බඩගින්නේ මිය යනු ඇති බව ද ඔහු සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකවම සොයා බලන බවත් පොදුවේ එම තත්ත්වය ගැන ඉතා සැලකිල්ලෙන් කළ හැකි සියල්ල සිදු කරන බවත්ය.

The post දරුවට කන්න දෙන්න විදියක් නෑ….මෙහෙම ගියොත් කොරෝනා නෙවෙයි බඩගින්නේ මැරෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();