Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇෆ්ගනිස්තානුවෝ ශ්‍රී ලංකා පිල තරගාවලියෙන් ඉවතට ඇද දමති

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා පිලට එරෙහිව ලකුණු 91ක ඓතිහාසික ජයක් වාර්තා කළ ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා පිල තරගාවලියෙන් ඉවතට ඇද දැමීමට සමත්වූයේ සුපිරි හතර දෙනාගේ වටයටද සුදුසුකම් ලබමිනි.

අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 249ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 41.2කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 158ක් පමණි. ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් පළමු එක්දින ජය මෙය වන අතර ටෙස්ට් රටක් පරාජය කළ 4 වැනි අවස්ථාව ලෙසද සටහන් විය. මේ සමගින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වූ අතර මූලික වටයෙන් ඉවත්වූ පළමු අවස්ථාවද වෙයි. මේ තරගාවලියේ පළමු තරගයේදී මෙන්ම මේ තරගයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල පන්දු රැකීම සහ අසාර්ථක පිති හරඹය කැපී පෙනුණි. තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ පෙර තරගයට වඩා පන්දු රැකීමේ වර්ධනයක් තිබූ නමුත් පිතිකරණ අංශය කණ්ඩායම පහතට ඇද දැමූ බවයි.

‘අපිට මේ තරගයේදී පීඩනය හසුරුවා ගැනීමට නොහැකි වුණා. අපි හොඳ ආරම්භයක් ලබාගත්තත් තරගය මැදදී එය අහිමිවුණා. මේ තරග දෙකේදීම ලකුණු 150 සීමාව ඉක්මවා යෑමට නොහැකිවි වීම කනගාටුවක්. කණ්ඩායමටම ඒ ගැන දුකයි.’ මැතිව්ස් පැවැසීය.

මේ අතර තරගාවලියේ වැඩි දෙනකුගේ අවධානය යොමුවූ ‘ඒ’ කාණ්ඩයේ තීරණාත්මක තරගය ඉන්දීයාව සහ පාකිස්තානය අතර අද ඩුබායිහිදී පැවැත්වේ.

මේ රටවල් දෙක ජාත්‍යන්තර එක්දින පිටියේදී 129 වරක් හමුවී ඇති අතර ඉන් තරග 73ක ජය පාකිස්තානය සතුවී තිබේ. ඉන්දියාව තරග 52ක් ජයගෙන ඇති අතර තරග 4ක් විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();