Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාසල් නෙට්බෝල් සමස්ත ශූරතාව විශාඛාවන්ට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

සමස්ත ලංකා පාසල් නෙට්බෝල් ශූරතාවලියේ 18න් පහළ ශූරතාව හා 20න් පහළ අනු ශූරතාව දිනාගත් කොළඹ විශාඛා විදුහල මේ වසරේ පාසල් නෙට්බෝල් සමස්ත ශූරතාවට හිමිකම් කියයි.

හික්කඩුව සුමංගල විදුහල් ක්‍රීඩා පිටියේ ඊයේ නිමාවූ මෙම තරගාවලියේදී , කලකට පසුව පාසල් නෙට්බෝල් ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණ දස්කම් පෙන්වූ කාන්තා විදුහල 18න් පහළ අනු ශූරතාව දිනා ගත්හ. කොළඹ කාන්තා විදුහල මෙතෙක් පාසල් නෙට්බෝල් තරගවලට සහභාගීවී කොට්ඨාස, කලාප හා පළාත් තරග ජයග්‍රහණය කර තිබුණද සමස්ත ලංකා අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.

කාන්තා විදුහල් ක්‍රීඩිකාවෝ මූලික වටයේ අනුරාධපුර නිවන්තක චේතිය විදුහල හා කුරුණෑගල මලියදේව විදුහල පරාජය කොට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්හ. අවසන් පූර්ව ගැටුමේදී මහනුවර උසස් බාලිකා විදුහල පරාජය කොට කාන්තා විදුහල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.

කාන්තා විදුහල මෙලෙස ඉතිහාසයේ ඉහළම දස්කම් දැක්වූයේ විදුහල්පතිනී ඊෂා ස්පෙල්ඩවින්ඩ් මහත්මියගේ මඟ පෙන්වීම හේතුවෙන් බව පුහුණුකරු දීප්ත සෙනරත් බණ්ඩාර මහතා පැවැසීය. එමෙන්ම පුහුණුකාරිනී පුෂ්පා නවරත්න, ක්‍රීඩා භාර ප්‍රධානී බ්‍රෙන්ඩා රාජපක්ෂ හා ක්‍රීඩා සම්බන්ධීකාරක කමලා කුලතිලක යන මහත්මීන් කැපවී ක්‍රියාකළ බව සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ සමස්ත ලංකා පාසල් නෙට්බෝල් ශූරතාවලියේ වසර ගණනාවක් පිට පිට ශූරතා ඉසුලූ කුරුණෑගල ශුද්ධවූ පවුලේ කණ්‍යාරාමයට මෙවර හිමිවූයේ 16න් පහළ අනු ශූරතාව පමණි. 18න් පහළ තරගවලදී මහනුවර හිල්වුඩ් වෙතින් හා 20න් පහළ තරගවලදී කොළඹ විශාඛා විදුහල වෙතින් කුරුණෑගල ශුද්ධවූ පවුලේ කණ්‍යාරාම ක්‍රීඩිකාවෝ පරාජයට පත්වූහ.

යාපනය සන්දිලිප්පායී හින්දු විදුහල් ක්‍රීඩිකාවෝ සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමද මෙහි කැපී පෙනෙන සිදුවීමක් ලෙස කතාබහට ලක්විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කළුතර ශුද්ධවූ පවුලේ කණ්‍යාරාමයේ ඉෂානී මධුෂිකා සම්මාන දිනා ගත්හ.

තරග ප්‍රතිඵල මෙසේය:

16න් පහළ: ශූරතාව - කුරුණෑගල මලියදේව විදුහල, අනු ශූරතාව - කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය, තෙවැනි ස්ථානය - මියුසියස් විදුහල, සිවුවැනි ස්ථානය - කළුතර බාලිකා

18න් පහළ: ශූරතාව - කොළඹ විශාඛා විදුහල, අනු ශූරතාව - කාන්තා විදුහල, තෙවැනි ස්ථානය - මහනුවර හිල්වුඩ් විදුහල, සිවුවැනි ස්ථානය - මහනුවර උසස් බාලිකා

20න් පහළ: ශූරතාව - කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය, අනු ශූරතාව - කොළඹ විශාඛා විදුහල, තෙවැනි ස්ථානය - එප්පාවෙල මධ්‍ය මහා විදුහල, සිවුවැනි ස්ථානය - යාපනය සන්දිලිප්පායී හින්දු විදුහල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();