Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඌව පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා ශූරතාව අධ්‍යාපන අමාත්‍යාංශයට

ඌව පළාතේ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින් අතර සුහදතාවය හා සමානාත්මතාවය වර්ධනය කිරීම හා ශරීර සුවතාවය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධාන කරන ලද ඌව පළාත් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව ලකුණු 380ක් ලබාගත් අධ්‍යාපන අමාත්‍යාංශයට හිමිවිය.

ලකුණු 241ක් ලබාගත් සෞඛ්‍ය අමාත්‍යාංශය දෙවැනි ස්ථානය හිමිකරගත් අතර. තුන්වන ස්ථානය ලකුණු 96ක් ලබාගත් මාර්ග අමාත්‍යාංශයට හිමිවිය. සිවුවැනි ස්ථානයට ලකුණු72ක් ලබාගත් කෘෂිකර්ම අමාත්‍යාංශයත්, පස්වැනි ස්ථානය ලකුණු57ක් ලබාගත් ක්‍රීඩා අමාත්‍යාංශයටත්, හයවැනි ස්ථානය ලකුණු33ක් ලබාගත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පාලන ආයතනයටත්, හත්වැනි ස්ථානය ලකුණු30ක් ලබාගත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඉංජිනේරු කාර්යාලයටත්, අටවැනි ස්ථානය ලකුණු 2ක් ලබාගත් රාජ්‍ය සේවා කොම්ෂන් සභාවටත් හිමිවූහ.

සිව්වැනි වරටත් අති උත්කර්ශවත් ලෙස බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැති මේ ක්‍රීඩා උළෙලට පළාත් සභාවට අනුබද්ධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුඵ සියලු ආයතන වල නිලධාරින් සහභාගී වූහ. මේ ක්‍රීඩා උළෙලට ක්‍රිකට්, එල්ලේ, දැල්පන්දු, වොලිබෝල්, කැරම්, ශරීර සුවතා සහ මලල ක්‍රීඩා තරග ඇතුළත් වුණි. දින කීපයක් පුරා පැවති මූලික වටයේ තරගවලින් අවසන් වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම් සහ ක්‍රීඩකයන් අතර අවසන් තරග 23 දින පැවැත්විණි. ක්‍රීඩා උත්සවයේ ජය සංකේත ප්‍රදානය කිරීම ඌව ආණ්ඩුකාර ආරිය බී රැකව මහතා හා ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ක්‍රීඩා අමාත්‍ය සාලිය සුමේධ, ප්‍රධාන ලේකම් පී.බී විජේරත්න මහතා ඇතුළු පළාත් සභාවේ ලේකම්වරුන්, නිලධාරීන් අතින් සිදුවිය.

පළාත් ක්‍රීඩා අමාත්‍යාශයේ ලේකම් අබේසිංහ හදවලපිටිය, ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා ගීතා නන්දනී පතිරණවසම් මහත්මිය ඇතුළු නිලධාරිහු මේ උත්සවය සංවිධන කර තිබිණ.

ඌව පළාත් සමූහ
ප්‍රසන්න පත්මසිරි

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();