Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇනටෝලි කාර්පෝව් චෙස් සමාජය 500වැනි චෙස් වැඩමුළුව පවත්වයි

කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ඇනටෝලි කාර්පෝව් චෙස් සමාජය මගින් පවත්වනු ලැබූ 500 වැනි චෙස් ක්‍රීඩා පුහුණු වැඩමුළුව පසුගියදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ SPORTEX – 2018 ජාතික ක්‍රීඩා ප්‍රදර්ශණ පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ වැඩිම ක්‍රියාකාරී චෙස් ක්‍රීඩා සමාජයක් වන ඇනටෝලි කාර්පෝව් චෙස් සමාජයට කළ විශේෂ ආරාධනයක් අනුව, ඇනටෝලි කාර්පෝව් චෙස් සමාජයේ සභාපතිනි, දස වසරක් ජාතික කාන්තා චෙස් ශූරිය වූ, චෙස් ඔලිම්පියාඩ් රන් පදක්කම්ලාභී හා කාන්තා ෆිඩේ මාස්ටර් සුනීතා විජේසූරිය මහත්මිය විසින් මේ චෙස් ක්‍රීඩා වැඩසටහන මෙහෙයවන ලදී.

මේ වන විට ශ්‍රී ලංකාවේ පාසල් සිසු දරුවන්ට, ගුරුවරුන්ට, මවුපියන්ට හා විවිධ ආයතන වලටද, යුද, නාවික හමුදා, රණවිරු සෙවණ ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහාද චෙස් වැඩමුළු ඇනටෝලි කාර්පෝව් චෙස් සමාජය පවත්වා ඇත.

මේ වැඩ සටහනේ ආරම්භක අවස්ථාවේදී චෙස් ප්‍රහේලිකා තරගයක් පවත්වා ජයග්‍රාහී තිදෙනෙකුට අගනා චෙස් කට්ටල 3ක් පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩාවේ ප්‍රගතියට අනුපමේය මෙහෙවරක් කළ ඇනටෝලි කාර්පෝව් සමාජය 20 වෙනි සංවත්සරය සමරමින් සිටී.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();