Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යෞවන ක්‍රීඩා මැරතන්

ශූරයා සිවරාජ්

ශූරිය හේමප්‍රිය

ටී.කේ.මහින්ද වැලිගම සමූහ

තිස්වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ මැරතන් පිරිමි ධාවන තරගයේ ජය නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ එම්.සිවරාජ් වවුනියාව දිස්ත්‍රික්කය නියෝජනය කළ එස්.හේමප්‍රිය කාන්තා අංශයේ ජය හිමිකර ගත්තාය.

කිලෝමීටර් 42ක දුරකින් යුතුවූ පිරිමි තරගය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අභියසින් ආරම්භ වී ගාලු ප්‍රධාන මාර්ගයේ මිරිස්ස දක්වා පැමිණ නැවත හැරී එම මාර්ගයේම මාතර ට පැමිණ නිමාවට පත් විය.

කාන්තා ධාවන තරගයද මාතර ජයසුරිය ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ අතර මිරිස්ස දක්වා ගොස් නැවත හැරී මාතර දක්වා පැමිණ අවසන් වූ අතර එහි දුරක් ප්‍රමාණය කිලෝමීටර් 21 කි. දිවයිනේ සියළු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 150කට වැඩි පිරිසක් මේ තරග සඳහා සහභාගි වූහ.

පිරිමි තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් එම්.සිවරාජ පැය 2 විනාඩි 41.44 කින් තරගය නිම කළේය. දෙවැනි ස්ථානය දිනා ගත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කළ එච්.ජී.අජිත් කුමාර පැය 2 විනාඩි 48.25 කින් තරගය නිම කළ අතර තෙවැනි ස්ථානය කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ රුවන්මිණි ලසිතට (පැ. 2:57.02) හිමි විය.

කාන්තා තරගය ජයගත් එස්.හේමප්‍රිය තරගය නිම කිරීමට ගත කළ කාලය පැය 1 විනාඩි 33.22 කි. බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ පී.ජී.නිරෝෂා (පැ. 1:34.43) දෙවැනි ස්ථානයටද, රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ ආර්.ඒ.ලක්ෂිකා මධුවන්ති (පැ.1:36.02) තෙවැනි ස්ථානයටද පත්වූහ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ එරන්ද වැලිඅංගේ මහතාගේ අධීක්ෂණය යටතේ ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය, තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය එක්ව ක්‍රීඩා උළෙලේ මැරතන් තරග සංවිධාන කර තිබු අතර ජයග්‍රාහකයන්ට සහතික ප්‍රදානය ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ හා පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චමින්ද දහනායක, ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් ලියනගේ, පළාත් අධ්‍යක්ෂ සුගත් හේවාවිතාරණ, සහකාර අධ්‍යක්ෂ ‍ටී.එල්.එල්.ඒ ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඡායාරූප - වැලිගම සමූහ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();