Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙවැනි අදියරේ ජය වරායේ සජිත්ට

දෙවැනි අදියර ජයගත් වරාය අධිකාරියේ සජිත් හසන්ත (මැද), දෙවැනියාවූ නාවික හමුදාවේ ක්‍රිෂාන් මධුසංක (දකුණේ) සහ ස්ටෙෆනෙලි පිලිප්පෝ ක්‍රීඩා සමාජයේ උදය කුමාර

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් සංවිධාන කරන එස්.එල්.ටී. ස්පීඩ් අප් පාපැදි සවාරියේ මාතර සිට බළන්ගොඩ දක්වා ඊයේ (5) පැවැති දෙවැනි අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කළ සජිත් හසන්ත සමත් විය.

කි.මී. 161.4කින් සමන්විත වූ මේ අදියරේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රිෂාන් මධුසංකට හිමිවූ අතර, තෙවැනි ස්ථානය ස්ටෙෆනෙලි පිලිප්පෝ ක්‍රීඩා සමාජය නියෝජනය කළ උදය කුමාරට හිමිවිය.

මෙහි කොළඹ සිට මාතර දක්වා පෙරේදා (04දා) පැවැති පළමු අදියරේදී සජිත් 21 වැනියා ලෙස තරගය නිමකළ අතර, ක්‍රිෂාන් මදුසංක 29 වැනියා ලෙසද, උදය කුමාර 33 වැනියා ලෙසද තරගය නිමා කළහ. කෙසේ නමුත් ඔවුන් ඊයේ දිනයේදී සියලු අඩුපාඩු නිවැරදි කරගනිමින් තැනිතලා මාර්ග, මුහුදුබඩ මාර්ග මෙන්ම කඳු තරණය කරමින් තරගාවලිය තුළ තමන්ද අභියෝගයක් විය හැකි තරගකරුවන් බව සනාථ කළහ.

කොළඹ සිට මාතර දක්වා කි.මී. 159.5කින් පැවති පළමු අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩේන් නුගේරා සමත් වූ අතර, එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සොනාල් ද සිල්වාට හා තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ තුෂාන් රාජපක්‍ෂට හිමිවූහ. කෙසේ නමුත් මේ තිදෙනාගෙන් කිසිවෙකුට හෝ දෙවැනි අදියරේ පළමු ස්ථාන තුන අතරට පැමිණීමට නොහැකි විය.

බළන්ගොඩින් අවසන් වූ දෙවැනි අදියරේ ත්‍යාග ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (විකුණුම්) රංග ජයවර්ධන, ශ්‍රී ලංකා ටෙලිකොම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සබරගමුව) සංජය කුමාර, ශ්‍රී ලංකා ටෙලිකොම් නඩත්තු මධ්‍යස්ථානය (බාහිර රෝපණ/අවිස්සාවේල්ල) පී.ඩබ්. ප්‍රියානි රෝහිනී, බළන්ගොඩ නගරාධිපති චාමික ජයමිණ වැවේගෙදර, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රාදේශීය කළමනාකරු (රත්නපුර) මහින්ද ගුණරත්න යන මහත්වරු සහභාගි වූහ.

මෙරට තුළ වාර්ෂිකව පැවැත්වෙන පාපැදි තරගාවලි අතරින් ප්‍රමුඛස්ථානයක් මේ තරගාවලියට හිමි වන අතර, අදියර පහකින් (දින පහක්) සමන්විත මෙහි තෙවැනි අදියර අද (06දා) පෙරවරුවේ බළන්ගොඩ ඔරලෝසු කණුව අසලින් (පෙ.ව. 8.30ට) ගමන් ආරම්භ කෙරේ. එය බෙලිහුල්ඔය (පෙ.ව. 9.10 වනවිට), හපුතලේ (පෙ.ව. 10.12 වනවිට), බණ්ඩාරවෙල (පෙ.ව. 10.22 වනවිට), බදුල්ල (පෙ.ව. 11.03 වනවිට), දුන්හිඳ ඇල්ල (පෙ.ව. 11.13 වනවිට), මීගහකිවුල නගරය (පෙ.ව. 11.37 වනවිට) පසු කරමින් මහියංගණය මහජන ක්‍රීඩාංගණය අසලින් ප.ව. 12.28ට පමණ කි.මී. 130.8ක දුරක් ගෙවා අවසන් කිරීමට නියමිතය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();