Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාව මැලේසියාව පරදවා තරගාවලියේ පෙරමුණ ගනිති

ආසියානු කුසලාන නෙට්බෝල් තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වී සිටින ශ්‍රී ලංකාව ඊයේ කුසලාන වටයේ මැලේසියාව සමග පැවැති තරගයෙන් ලකුණු 62-59ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය.

සිංගප්පූරුවේ පැවැත්වෙන මේ තරගාවලියේ ඊයේ පැවැති තරගයේ පළමු කාර්තුව ලකුණු 15-13කින් පසුබෑමකට ලක්වූවත් දෙවැනි භාගයේදී ලකුණු 19-12ක් ලෙසත්, තුන්වැනි කාර්තුව ලකුණු 16-15ක් ලෙසත් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. සිවුවැනි කාර්තුව නිමාවට පත්වූයේ ලකුණු 17-14කින් මැලේසියාව පෙරමුණට තබමිනි. මැලේසියානු ක්‍රීඩිකාවන්ගේ අභියෝගාත්මක ක්‍රීඩා විලාශය හමුවේ දැඩි සටනක නිරතවූ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩිකාවෝ පන්දු යොමු කිරීම 91%කින් සාර්ථක කරගත්හ.

කුසලානය සඳහා වන ‘ඊ‘ කාණ්ඩයේ පෙරමුණට පත්වූ ශ්‍රී ලංකා පිල මෙවර තරගාවලියේ කුසලානය හඹා යන ජනප්‍රියතම කණ්ඩායම ලෙස අද හොංකොං කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();