Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාව ඉන්දියාවට 2-0කින් පරදියි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන්ම ඉන්දියාව හමුවේ ගෝල් 2-0කින් පරාජයට පත්වෙයි. බංග්ලාදේශයේ බංගබන්ධු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඊයේ විදුලි ආලෝකධාරා මැද පැවැති මේ තරගයේදී ඉන්දියාව මුල සිටම ආක්‍රමණශීලීව වැඩි වාසි අත්කර ගත්තේය.

දකුණු ආසියා පාපන්දු ශූරතාවලි ඉතිහාසයේ වසර 1995න් පසුව ශ්‍රී ලංකාව, ඉන්දියාව හමුවේ ජයග්‍රහණයක් ලැබීමට මෙතක් සමත් නොවීම විශේෂත්වයකි. වසර 2003දී පැවැති තරගාවලියේදී ගෝල් 1-1ක් ලෙස සමවූ අතර, 2011 තරගාවලියේදී ගෝල් 3-0කින් හා 2015 තරගාවලියේදී ගෝල් 2-0කින් ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ. මෙවර දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේදී ඉන්දීය 23න් පහළ කණ්ඩායම බංග්ලාදේශයට එවීමට ඉන්දීය පාපන්දු බලධාරීහු තීරණය කොට තිබුණි.

ඉන්දියාව වෙනුවෙන් පළමු ගෝලය 35 වැනි මිනිත්තුවේදී අශිකුයී කුරුනියන් වාර්තා කළ අතර ශ්‍රී ලංකා ගෝල් කීපර් සුජාන් පෙරේරාට කහ කාඩ්පත් අවවාදයක් ලබාදී මිනිත්තුවකින් එය සිදු විය. සුජාන් පන්දුව පිටිය වෙත යොමු කිරිමේදී වූ ප්‍රමාදයක් හේතුකොටගෙන එම කහ කාඩ්පත ලැබුණි. ඉන්දීය දෙවැනි ගෝලය දෙවැනි භාගය ආරම්භවී 2වැනි මිනිත්තුවේදී ලල්ලියානුසුල්ලා චැනෝට් ගෝල් කණුවට වම්පසින් පැමිණ එල්ල කළේය.

මේ තරගයේදී ශ්‍රී ලංකා නායකු සුභාෂ් මධුෂාන් 39වැනි මිනිත්තුවේදී ඉවතට ගැනීමට ශ්‍රී ලංකා පුහුණුකරු තීරණය කළේය. කවිදු ඉෂාන්, බණ්ඩාර වරකාගොඩ කහ කාඩ්පත් අවවාද ලැබූහ.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර හෙට (7) පැවැත්වෙන තරගයේ ප්‍රතිඵල මත මේ ශූරතාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවට පිවිසීමේ පිවිසීමේ අවස්ථා තීරණය වනු ඇත.

පෙරේදා පැවැති පළමු තරග දෙකෙන් සත්කාරක බංග්ලාදේශයට හා පාකිස්තානයට ජයග්‍රහණය හිමිවූ අතර බංග්ලාදේශය ගෝල් 2-0කින් භූතානය හා පාකිස්තානය ගෝල් 2-1කින් නේපාලය පරාජය කළහ.

බංග්ලාදේශය හා භූතානය අතර තරගයේදී තෙවැනි මිනිත්තුවේදී භූතාන ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙකු වැරදි ලෙස කළ ආක්‍රමණශීලීව හැසිරීමෙන් බංග්ලාදේශයට දඬුවම් පහරක් පිරිනැමුණු අතර එය ගෝලයක් බවට පත් කිරීමට බංග්ලාදේශය සමත් විය. අනතුරුව 47වැනි මිනිත්තුවේදී එම්. රහ්මාන් බංග්ලාදේශයට දෙවැනි ගෝලය අත්කර දුනි. බංග්ලාදේශය හා භූතානය යන කණ්ඩායම් දෙකම එතරම් සාර්ථකව ක්‍රීඩා කළ අයුරු දක්නට නොලැබුණි.

පාකිස්තානය හා නේපාලය අතර තරගය උණුසුම් තත්ත්වයක් නොගත් අතර පළමු ගෝලය 36වැනි මිනිත්තුවේදී පාකිස්තානයට දඬුවම් පහරකින් පිරිනැමුණි. එයට පිළිතුරු ලෙස නේපාලය 82වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස්කරගත් අතර පාක්ස්තානය තරගය නිමාවීමට මිනිත්තු 6ක් තිබියදී අතිරේක කාලයේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();