Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් හමුදා කොළඹ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජය බ්ලැක් ඊගල්ස් පිලට

ශ්‍රි ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර මගින් ප්‍රථමවරට සංවිධාන කළ ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබූ බ්ලැක් ඊගල්ස් කණ්ඩායම කුසලානය අත්කර ගත්තේය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති හා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක සනත් ජයසුරිය මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති මේ තරගාවලියට කණ්ඩායම් 32 ක් සහභාගි විය.

අවසන් මහා තරගය ප්‍රථම වරට විදුලි ආලෝකය මධ්‍යයේ රාත්‍රි තරගයක් ලෙස පැවැත් වු අතර අවසන් මහා තරගයට එක්වූ ස්කොඩ්රන් ලීඩර් දල්පදාදු නායකත්වය දැරූ ටොප් ෆෝලෝ ඊගල්ස් හා ෆ්ලයිට් ලෙෆ්ටිනන් මහමැදවච්චිගේ නායකත්වය දැරූ බ්ලැක් ඊගල්ස් කණ්ඩායම එක්විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ටොප් ෆෝලෝ ඊගල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 දි කඩුළු 6 කට ලකුණු 111ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්ලැක් ඊගල්ස් කණ්ඩායම පන්දුවාර 9.3 කදි කඩුළු 5 ක් පමණක් දැවී ලකුණු 115 ක් ලබා ජය වාර්තා කළේය.

ජයග්‍රහකයන්ට කුසලාන හා සහතිකපත් ප්‍රදානයට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහත්වරු එක්වූහ. ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිලධාරි මේ අවස්ථාවට එක්වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();