Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොල්ගහවෙල සාන්ත බර්නදෙත් විදුහල් පිල අර්ධ අවසන් පූර්ව වටයට

සිංගර් කුසලාන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පොල්ගහවෙල සාන්ත බර්නදෙත් මහා විද්‍යාලයීය කණ්ඩායම සමත්විය.

පළමු වටයේදී පූර්ණ ජයග්‍රහණ දෙකක් හා ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ තුනක් සමගින් දෙවැනි වටයට සුදුසුකම් ලැබූ සාන්ත බර්නදෙත් විදුහල් පිල එම වටයේදී පූර්ණ ජයග්‍රහණ දෙකක් හා පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් සමගින් හොරණ ශ්‍රීපාලි විද්‍යාලය සමඟ පැවැති තරගය ජය ගැනීමෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

සාන්ත බර්නදෙත් විදුහල් පිලේ පසිඳු ජයවංශ ශතක හතරක් හා අර්ධ ශතක තුනක් සමඟින් ලකුණු 679ක් ද, රිෂි සරෝෂ් ශතකයක් හා අර්ධ ශතක හතරක් සමඟින් ලකුණු 516ක් හා කඩුළු 26ක් ද, උදුල ඒෂාන් ශතකයක් හා අර්ධ ශතක තුනක් සමඟින් ලකුණු 447ක් හා කේශාන් ඉඳුවර 345ක් ද, විහඟ කසුන් කඩුළු 45ක් හා හර්ෂ අමරසිංහ කඩුළු 40ක් ද චාරුක හේරත් කඩුළු 25ක් ලබාගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();