Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත්ද්‍රව්‍ය වසංගතය පාලනය කළ යුතුයි.

Akila_Viraj

පාසැල් සිසුන් අතර පැතිර යන මත්ද්‍රව්‍ය වසංගතය හඳුනා ගැනීමේ වගකීම කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙයි. අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති පාසැල් මානව සම්පත් ප්‍රවර්ධන ප්‍රධානය කිරීමේ වැඩසටහනට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය.

විදුහල්පතිවරුන් විදුහල පරිපාලන ඒකකයක් සේ සලකා කටයුතු කළ  යුතු බව මෙහිදී පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  චක්‍රලේඛණ නිකුත් කළ පමණින් මෙම තත්ත්වය පාලනය කළ නොහැකි බව සඳහන් කළේය.

ළමුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම තුළින් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පාසැල් තුළ තොරතුරු ලබා ගැනීම සඳහා සම්බන්ධතා ජාලයක් පවත්වා ගත යුතු  බවද මෙහිදී කියා සිටියේය.

 

The post මත්ද්‍රව්‍ය වසංගතය පාලනය කළ යුතුයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();