Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හැඳුනුම්පතේ මිලත් වැඩි වෙයි.

Sri Lankan_National_ID_Card

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අයකරනු ලබන ගාස්තු අද(01) දින සිට සංශෝධනය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. ඒ අනුව වයස අවුරුදු පහළොවට එළඹ මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට රුපියල් සියයක් අයකරනු ලබන බව එම දෙපාර්තමේන්තුව පවසා ඇත.

එමෙන්ම ජාතික හැඳුනුම්පත සංශෝධනය කර අනු පිටපතක් ලබාගැනීමට රුපියල් 250ක් අයකරනු ලබන බවත් අස්ථානගතවූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට අනුපිටපතක් ලබාගැනීමේදී රුපියල් 500ක් අයකරන බවත් සඳහන් වේ.

එම සේවාව ලබාගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ග්‍රාම නිළධාරී  කාර්යාලයට අදාළ මුදල ගෙවා ලබාගත් කුවිතාන්සිය ඉල්ලුම්පත්‍රයේ නියමිත ස්ථානයේ අලවා තම දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.

එසේ වුවද  දරිද්‍රතාවය හේතුවෙන් යම් පුද්ගලයෙකු ඉහත ගාස්තු ගෙවීමට අපහසු වන්නේ නම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලබාගන්නා ලද “ගාස්තු ගෙවීමෙන් නිදහස් කිරීමට”  අදාළ සහතිකය ඉල්ලුම්පත්‍රය සමඟ අමුණා යොමුකළ යුතු බවත්  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The post හැඳුනුම්පතේ මිලත් වැඩි වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();