Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටට ගැළපෙන සමාජ මාධ්‍ය ජාලයක අවශ්‍යතාවය අවධාරණය වෙයි.

Social Media Logotype Background

රජය සහ බලධාරීන් එකිනෙකාට දොස් නගාගනිමින් “සමාජ ජාල මාධ්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක්” යැයි කියමින් තමන්ගේ නොහැකියාව වසාගන්නට තැත් කිරීම සංවිධානයක් වශෙයන් තරයේ හෙලා දකින බවත් තවද කලයුත්තේ ඉහත සදහන් පරිදි තමන්ගේ පාලනයෙන් තොර සමාජ මාධ්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියා සදහන් කිරීම නොව ශ්‍රී ලංකාවය ආවේනික නිසි පාලනයකින් යුක්ත සමාජ මාධ්‍ය ජාලයක් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වා දීම බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමුහය අවධාරණය කර සිටී.

එම සම්පූර්ණ විස්තරය පහතින්.

මාස කිහිපයකට පමණ පෙර රටේ ඇතිවූ යම්කිසි කලහකාරී තත්වයක් රටපුරා පැතිරීම වළකාලීම සදහා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සියල්ලම පාහේ ශ්‍රී ලංකාවට සතියකට වඩා වැඩි කාලයක් අවහිර කර තිබු බව ඔබ අප සැවොම දනිමු. කෙසේ වෙතත් ඒ තහනම රටේ ජනතාවගේ දැවැන්ත චිරෝධය මත සහ රටේ ආර්ථිකයෙහි සිදුවූ දැවැන්ත පසුබෑම හමුවේ රජයට සමාජ මාධ්‍ය හරහා බලයට පත්වූ රජයක් වශයෙන් හකුලා ගැනීමට සිදුවිය.

ශ්‍රී ලාංකික අපට සමාජ මාධ්‍ය ලෙස ඇත්තේ ෆේස්බුක් ඇතුළු අනෙකුත් විදේශික සමාජ මාධ්‍ය ජාලයන් රැසක් පමණය .මෙවැනි සමාජ මාධ්‍ය අඩවි ශ්‍රී ලංකා රජයේ පාලනයෙන් තොරව ඒවා නිර්මාණය කරනු ලැබූ සමාගම් වල අනසකට එම සමාජ මාධ්‍ය ජාලයන් තිබෙනා විදේශ රටවල අනසකට යටත්ව ක්‍රියාත්මක වේ. රජය පසුගිය දිනවල සමාජ ජාල මාධ්‍ය පතාකයෙක් වන ෆේස්බුක් සමාගමේ ඉන්දියානු නියෝජිතයන් හා සාකච්ඡා පැවැත්වුවද ඒ සාකච්ඡා සියල්ලම නිෂ්පල ඒවා බව දැන් දැන්ම ජනාධිපති හා අගමැති විසින් විටින් විට සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ හරහා තහවුරු වේ. විශේෂයෙන්ම අගමැති විසින් පසුගිය දිනවල පැවති කොලඔ ආරක්ෂක සමුළුවේදී “සමාජ මාධ්‍ය මගින් රජය අස්ථාවර කිරීමේ හැකියාවක් තිබෙන බව හා ගෝලීය වියවුල් ඇති කිරීමේ හැකියාවක් ඇති බව” යනුවෙන් සදහන් කිරීම එයට කදිම නිදසුනකි.

මෙසේ රජය සහ බලධාරීන් එකිනෙකාට දොස් නගාගනිමින් “සමාජ ජාල මාධ්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක්” යැයි කියමින් තමන්ගේ නොහැකියාව වසාගන්නට තැත් කිරීම අප සංවිධානයක් වශෙයන් තරයේ හෙලා දකිමු. තවද කලයුත්තේ ඉහත සදහන් පරිදි තමන්ගේ පාලනයෙන් තොර සමාජ මාධ්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියා සදහන් කිරීම නොව ශ්‍රී ලංකාවය ආවේනික නිසි පාලනයකින් යුක්ත සමාජ මාධ්‍ය ජාලයක් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වා දීමය.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි රාශියක් සිංහල භාෂාවෙන් පරිශීලනය කරහැකි අයුරින් කටයුතු කල අප සංවිධානය මේ වනවිට ශ්‍රී ලංකාව ඇතුළු ජපානය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉතාලිය,ඔස්ට්‍රේලියාව, චීනය, ලෙබනනය, හංගේරියාව, කටාර්, බහරේන්, ඇෆ්ගනිස්ථානය, සෞදි අරාබිය සහ මාලදිවයින් දූපත් ආදී විවිධ රටවල වෙසෙන පන්සියකට ආසන්න ශ්‍රී ලාංකික පුද්ගලයන් සාමාජිකයන් කරගත් කුඩා සමාජ මාධ්‍ය යෙදුමක් දැනටමත් දියත් කර ඇත. පහත යොමුව භාවිතා කර යෙදුම ලබාගන්න. 

The post රටට ගැළපෙන සමාජ මාධ්‍ය ජාලයක අවශ්‍යතාවය අවධාරණය වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();