Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිර පළාත් නෙට්බෝල් අද - හෙට ගුවන් හමුදා පිටියේ

බස්නාහිර පළාත් නෙට්බෝල් සංගමයේ 60වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ‘ඊවා’ කුසලාන විවෘත නෙට්බෝල් තරගාවලිය අද සහ හෙට ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි. මේ තරගාවලියට ක්‍රීඩා සමාජ හා පාසල් කණ්ඩායම් 103ක් සහභාගී වෙති. එය පළාත් නෙට්බෝල් තරගාවලියක වාර්තාගත සහභාගීත්වයකි.

තරගාවලියට සහභාගිවන ක්‍රීඩා සමාජ සඳහා ‘ඒ’, ‘බී’, අවුරුදු 35න් ඉහළ හා මිශ්‍ර වශයෙන් ඉසව් 4ක් යටතේ තරග පැවැත්වේ. මිශ්ර, තරග ඉසව්වට සහභාගි වන කණ්ඩායමකට ක්‍රීඩකයන් 3ක් සහ ක්‍රීඩිකාවන් 4ක් ඇතුලත් වෙති. මීට අමතරව පාසල් කණ්ඩායම් සඳහා පැවැත්වෙන තරග ඉසව් ‘සී’, ‘ඩී’ සහ ‘ඊ’ කාණ්ඩ යටතේ පැවැත්වේ.

එම තරග ඉසව්වලට අවුරුදු 19න් පහළ,15න් පහළ සහ ජාත්යසන්තර පාසල් කණ්ඩායම් සඳහා වශයෙන් වෙනම තරග ඉසව් තුනක් පැවැත්වීමට නියමිතය. ‘ඊවා’ කුසලානය පිරිනමනු ලබන්නේ ක්‍රීඩා සමාජ ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියේ ජයග්‍රාහිකාවන්ටය.

අවසන් දින තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව බස්නාහිර පළාත් නෙට්බෝල් සංගමය නියෝජනය කරමින් දෙස් විදෙස් නෙට්බෝල් පිටියේ දස්කම් පෑ ක්රී්ඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවයක් ද සංවිධානය කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();