Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් අතරමඟ ඇණහිටින ලකුණු

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 20 විස්ස ක්‍රිකට් තරගාවලිය ඇණහිටියි. ශ්‍රි ලංකා ක්‍රිකට් තවමත් මේ පිළිබඳ නිල ප්‍රකාශයක් සිදුකර නැතත් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් අධ්‍යක්ෂ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා විස්තර ප්‍රකාශක රසල් ආනෝල්ඩ් සිය ටුවිටර් පණිවිඩයක දක්වා ඇත්තේ පරිදි ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 20 විස්ස ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට සිදුවනු ඇති බවයි.

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 20 විස්ස ක්‍රිකට් තරගාවලිය වසර 10ක සැලසුමක් ඇතිව සංවිධානය කොට තිබූ අතර රටවල් කිහිපයක ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තලයේ අනෙකුත් ක්‍රීඩකයින් සමග ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙමගින් හිමිවීමට තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් මෙම ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 20 විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට කටයුතු කළ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහයෝගයද එයට හිමිවන බව සදහන් විය. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් මෙම තරගාවලිය වෙනුවෙන් නිදහස් කිරීමට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබූ බව පැවැසුණි. හිටපු ඉන්දීය ක්‍රීඩක යුවරාජ් සං, හර්බජාන් සිං, යූසුප් පතාන් වැනි ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 20 විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා අවසරය හිමිව තිබූ බව වාර්තා විය.

මෙම ක්‍රිකට් තරගාවලිය තුලින් ක්‍රීඩාවේ දියුණුව මෙන්ම වානිජ පරමාර්ථ සාර්ථක කරගැනීම වෙනුවෙන් සංවිධානය වූ එකක් බවටද හදුන්වාදී තිබුණි. ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 20 විස්ස ක්‍රිකට් තරගාවලිය ප්‍රබල තරගකාරී එකක් කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රමීතීන් ඉහළ දැමීමටත් ඉවහල්වන තරගාවලියක් බවට පත් කිරීම අපේක්ෂාවවී තිබුණි.

ශ්‍රී ලංකාව තුළ සිටින ක්‍රීඩකයන්ට 20 විස්ස ආකෘතියේ තරග සඳහා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබා ගැනීමට හොද අවස්ථාවක් ලෙසත් වඩාත්ම තරගකාරී විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මෙය වනු ඇති බවත් ශ්‍රී ලංකා ප්‍රීමීයර් ලීග් ක්‍රිකට් අධ්‍යක්ෂ රසල් ආර්නල්ඩ් මහතාගේ විශ්වාසයවී තිබුණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();