කඩුවෙල හේවාගම බෝධිඥාන අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් (01) පස්වරුවේ පැවැත්විණි.අභිනව විහාර මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා ධාතු මන්දිරය වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරත විය.
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ මගපෙන්වීමෙන් 2005 මාර්තු 25 වැනි දින ආරම්භ කරන ලද කඩුවෙල මහමෙව්නා බෝධිඤාණ භාවනා අසපුව ප්‍රදේශයේ ජනතාවට ආධ්‍යාත්මික මගපෙන්වීමක් ලබාදීම වෙනුවෙන් මහගු මෙහෙවරක් ඉටුකරයි.
අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද විජයදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක යන ඇමැතිවරු ද නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරු ඇතුඑ ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය -චන්දන පෙරේරා
ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments