Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටේ කිසිඳු ආකාරයක දේශපාලන අස්ථාවරත්වයක් නැහැ

ඇමැති අර්ජුන රණතුංග

රට තුළ කිසිඳු ආකාරයක දේශපාලන අස්ථාවරත්වයක් නොමැති බවත් ඡන්ද පදනමක් නොමැති නන්නත්තාර වූ දේශපාලනඥයන් ආණ්ඩුව අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එම දේශපාලනඥයන් ආණ්ඩුව වැට්ටවීමට සැලසුම් සහගතව ක්‍රියා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ පැවසූවේ ඊයේ (03) දෙමටගොඩ දී ආගමික උත්සවයකට එක් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“ අපේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් කියලා එකක් නෑ. නමුත් පසුගිය කාලේ දේශපාලන පිටියේ නොසිදුවිය යුතු දේවල් රැසක් සිදු වුණා. දේශපාලන බලලොභී පුද්ගලයෝ එයට මුල් වුණා. ඡන්ද පදනමක් නැති, ඡන්දයකින් දිනන්න බැරි, සල්ලිවලින් දිනන්න පුළුවන් කියන පුද්ගලයෝ ටිකක් මේ ආණ්ඩුව වට්ටන්න හැදුවා. සමහර බුකිකාරයෝ, රේසකාරයෝ , සූදුකාරයෝ එකතු වෙලා මේ කළ විනාශයෙන් රටේම ආයෝජනය නැවතුණා. පාර්ලිමේන්තුවට පත් වෙලා තානාන්තර අරගෙන ඒවා විනාශ කරන දේශපාලනඥයෝ රට ගැන හිතන්නේ නෑ. රට ගැන හිතනව නම් මේ වගේ දෙවල් සිදු නොවිය යුතුයි.

පසුගිය කැබිනට් සංශෝධනය සිදු වුණේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි සාකච්ඡා කිරීමෙන්. අපට ඉදිරියට තව මාස 18ක් ඉතිරිව තියෙනවා. ඉදිරි මාස 18දී පහුගිය කාලේ අපේ අතින් අතපසු වුණු දේවල් හදාගෙන ඉදිරියට යාම තමයි මහජනතාව බලාපොරොත්තු වෙන්නේ.

මේ රටේ මහජනතාව 2015 දී වරමක් දුන්නේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි එකට ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට ගෙනියන්න කියලා. එහෙම නැත්නම් මහජනතාවට තිබුණා ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හදන්න හරි, එ.ජා.ප ආණ්ඩුවක් හදන්න හරි. එහෙම නැතුව බලය දුන්නේ දෙගොල්ලන්ටම දේශපාලනය පැත්තකින් තියල රට හදන්න. ඉතින් ඒ ක්‍රමවේදය පහුගිය කාලේ කරගෙන ගියා. ඉදිරියේදී ඊටත් වැඩියෙන් පිරිසිදු දේශපාලනයක් කිරීමේ අවශ්‍යතාව ඇති වෙලා තියෙනවා. ඒක තමයි අලුත් කැබිනට් සංශෝධනයෙන් පසුව අපි සියලු දෙනාගේම වගකීම වෙන්නේ“ යැයි ද පැවසීය.

ක්‍රිසන්ති විතාරණ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();