Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අලි තර්ජනයට ස්ථිර විසඳුමක් දෙනවා

Author(s): 
විජයානි එදිරිසිංහ

ඇමැති සරත් ෆොන්සේකා

ගම් බිම් විනාශ කරමින් කාලයක් තිස්සේ බොහෝ ප්‍රදේශවල ගැමි ජනතාවට දැවෙන ප්‍රශ්නයක් බවට පත්වි තිබු වල් අලි තර්ජනයට ස්ථිර විසඳුමක් ලබා දෙමින් වනජීවී අමාත්‍යාංශය ය‍ටතේ ඇති බොහෝ ආයතනවල කාලයක් තිස්සේ සිදු වෙමින් පවතින දූෂණ වංචා සහ වෙනත් ගසා කෑම් සම්පූර්ණයෙන් නවත්වා ගැමි ජනතාවටත් වනජීවීන් අතුළු වන සම්පතත් ආරක්ෂා කර ගැනිම පිණිස සුවිශේෂි සැලසුමක් ක්‍රියාත්මක කිරිමට තිරසර සංවර්ධන වනජීවී සහ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යාංශය තිරණය කරයි.

එම වගකිම පැවරුණ අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා මහතා ඊයේ එම අමාත්‍යාංශයේ වැඩ බාර ගනිමින් කියා සිටියේ ගැමි ජනතාවට විශාල ප්‍රශ්නයක් බවට පත්වී තිබු අලි තර්ජනයට ස්ථිර විසඳුමක් කිසිඳු රජයකින් නොලැබුණේ ඒ සඳහා මුදල් නොමැතිකම හෝ වෙනත් බරපතළ ප්‍රශ්නයක් ඇති නිසා විය හැකි බවයි. එහෙත් රජයෙන් එකම රුපියලක්වත් නොගෙන මෙම බරපතළ ගැටලුව විසඳිමට හැකි තරම් මුදල් එම අමාත්‍යාංශය සතුව තිබෙන බවත් වැඩි කාලයක් ගත විමට පෙර එම බරපතළ ප්‍රශ්නයෙන් මහජනතාව ගලවා ගන්නා බවද සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසයි.

තවද වන සම්පත තම බූදලයක් ලෙස සලකා ඒ හරහා විවිධ වු ජාවාරම් ගසාකෑම් සහ වෙනත් බොහෝ දේ සිදු වන අතර අමාත්‍ය සරත් ෆොන්සේකා ඒ සියල්ල විසඳා වන සම්පත ආරක්ෂා කිරීමටත් තිරණය කර තිබේ.

අලි තර්ජනය නිසා මේ ‍රටේ මේ වන විට පුද්ගලයන් දෙදහසකට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. ගොවිපළවල් නිවාස අතුළු ගම්මාන පසුගිය වසර තුළ පමණක් තුන්සියයකට වැඩි ප්‍රමාණයක් විනාශ වි ඇත. ගම් ආරක්ෂා කිරිමට වනජිවි නිලධාරින්ට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සමඟ උපදෙස් ලබා දි ඇතත් විදුලි රැහැන් කඩා ගෙන ගම්මානවලට කඩා පනින තත්ත්වයට අලි තර්ජනය බරපතළ වි ඇත. එම ගම්මානවල සිටින ජනතාව රාත්‍රිකාලවල ජීවත් වන්නේ ජිවිතය බේරා ගැනිම සඳහා වු විවිධ උපක්‍රම යොදා ගෙනය. එහෙත් මෙතෙක් කාලයක් ඒ සඳහා ස්ථිර විසදුමක් ලබා දිය හැකිව නොතිබුණි.

වනජිවි අමාත්‍යාංශය යටතට සෑම වන සම්පතක්ම අයත් වෙන්සේ නැති බව පවසන ‍ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මේ අමාත්‍යංශය යටතේ පවතින විශාල මුදල් ප්‍රමාණය උපයෝගි කර ගනිමින් කිසිඳු බාධාවකින් තොරව සියලු කටයුතු කඩිනමින් සිදුකර සෑම ගැටලුවකටම විසඳුම් ලබා දිය හැකි බවද පවසයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();