පුද්ගලයෙකු මරණයට පත් කරමින් ලේක්හවුස් ආයතනයේ සේවකයෙකුට බරපතළ තුවාල සිදු කරමින් කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ දුම්රිය පිටවිම ස්ථානයේ පදික වේදිකාවේ සිදු වු රිය අනතුරට සම්බන්ධ ලොරි රථයේ හිමිකරුට අධිකරණයේ පෙනි සිටින ලෙස දන්වමින්දෙවනවරටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා ඊයේ (02) නොතිසි නිකුත් කෙළේය.
ලොරි රථයේ හිමිකරු පොලිසියට ඉදිරිපත් වී ප්‍රකාශයක් ලබා දී ඇතත් අධිකරණය මඟින් නිකුත් කරනු ලැබු සිතාසිය සදහා අධිකරණය හමුවේ පෙනි නොසිටිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා මෙසේ ඔහුට යළිත් වරක් සිතාසි නිකුත් කෙළේය.
මෙතෙක් කර ඇති විමර්ශන සම්බන්ධයෙන් සැකකරුට නඩු පැවරිම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනිමට පොලිස් රථ වාහන නීති කොට්ඨාශයට උඨෘත යොමු කර ඇති බවට කොටුව පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටියේය.
රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු සේවයේ යෙදවිම සම්බන්ධයෙන් ලොරි රථයේ හිමිකරුවු නො. 208 හලාවත පාර, මීගමුව පදිංචි ඩී.ඒ.පෙරේරා නැමැත්තාට එරෙහිව මෙසේ නඩු පැවරිමට කටයුතු කරන බවට පොලිසිය අධිකරණය වෙත කරුණු දැන්විය.
අනතුරට ලක් වු ඉසුසු එල්ෆ් වර්ගයේ ලොරි රථය වසර විසිපහක් පමණ පරණ ලොරි රථයක් බවත් නිසි නඩත්තුවක් නොමැති බැවින් ධාවනයේ දි තිරිංග අක්‍රිය වි ඇති බවට විමර්ශනයේ දි කරුණු අනාවරණය වන්නේ යැයි පොලිසිය අධිකරණය වෙත දැන්විය.
ඉකුත් 04 වන දින එළවළු රැගෙන යාම සදහා මෙම ලොරි රථය මිගමුව සිට කොළඹ මැනිං වෙළෙද සැලට පැමිණි ඇති අතර එළවළු රැගෙන යළි පෙරවරු 9.10ට පමණ රිගල් මංසන්ධියේ වටරවුමෙන් ඩි.ආර්.විජේවර්ධන මාවතේ මරදාන ප්‍රදේශයට යාමට පැමිණි ඇති රියදුරු විජේවර්ධන මාවතේ දුම්රිය පිටවිම අසල දි බස් රථයක් පසු කිරිමට යාමේ දි තිරිංග ක්‍රියා නොකරන බවට රියදුරුට ඒත්තු ගැන්වු බැවින් ලොරි රථය පදික වේදිකාව මතට රැගෙන යාමට රියදුරු උත්සාහ කළ තිබේ.
එම අවස්ථාවේ දි මාර්ග අංක 120 බස් රථයේ බැස කේක් ගෙඩියක් ගැනිමට ඉදිරියට ගමන් කළ ලේක්හවුස් ආයතනයේ සේවක නො 147/1 වානළුවාව උතුර,වානළුවාව පදිංචි කුමාරපේලිආරච්චිලාගේ සුගත් ප්‍රියන්ත (43) ලොරි රථයේ හැපි දකුණු කකුළ යට වි ඇති අතර ලොරි රථය තවතවත් ඉදිරියට යාමේ දි විදුලි කණුවක වැදි ඒ අසල කොන්ක්‍රිට් ආයතනයක සේවය කරන ගණකාධිකාරිවරයෙකු වන නො. 38 රණජයගම වෛද්‍ය පාර,දෙහිවල පදිංචි සතාදේවන් ඉලංගකොන් නැමැත්තා (43) එම ස්ථානයේ ම මරණයට පත්වි ඇති අතර තවත් පුද්ගලයෙකු ලොරියට යට වි තිබුණ ද ඔහුට කිසිදු තුවාලයක් හෝ සිදු ව නැත.
එම ස්ථානයේ විමර්ශනයේ න් අනතුරුව රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය අවසන් කර ඥතින් වෙත දේහය භාර දි ඇත.
සැකකරු එදින කොළඹ රථ වාහන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඊයේ දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කර තිබිණ.
හැටහත් හැවිරිදි වියේ පසු වු රියදුරු වු නො.500/1උතුරු පිටිපන මීගමුව පදිංචි නාගොඩගමගේ විමලවිර නැමැත්තා සතුව සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් ඇති බවත් එදින ඔහු එම රථයේ තාවකාලික රියදුරු ලෙස සේවය කර ඇති බවට ද පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබිණ.
නඩුව ඊයේ යළි කැදවුණු අතර රියදුරුට ඇප මත මුදා හළ අධිකරණය වාහනයේ ලියාපදිංචි හිමිකරුට අධිකරණයේ පෙනි සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කරමින් මරණකරුට රුපියල් 50,000ක සානුකම්පිත දිමනාවක් හා තුවාලකරුට රුපියල් 25.000 සානුකම්පිත දිමනාවක් ගෙවිමට අධිකරණය නියම කෙරිණ.
ඊට අමතරව රියදුරුගේ රියදුරු බලපත්‍රය තහනම් කරමින් ඔහුට වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් වි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණ.
කොටුව රථවාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක විදානපතිරණ හා සැරයන් (49283) රත්නවර්ධන මහතා ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු අධිකරණයට කරුණු වාර්තා කළහ.
0 Comments