Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජ්‍ය ණය කළමනාකරණයට ජී.24 කණ්ඩායමේ හැකියාව වර්ධනය විය යුතුයි

වොෂිංටන් සමුළුවේදී ඇමැති එරාන් කියයි

රාජ්‍ය ණය කළමනාකරණය සහ වගකීම සම්බන්ධයෙන් තම කණ්ඩායමේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පියවර ගත යුතුව ඇතැයි ජී.24 කණ්ඩායමේ වාර්ෂික සමුළුවට එක්වෙමින් මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි. අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර මේ දිනවල මුළුදෙන ජී.24 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සැසියේ සභාපතිත්වය දරන ශ්‍රී ලකාව නියෝජනය කරමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ ක‍ෙළ්ය. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මේ දිනවල ලන්ඩන් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගි වීම නිසා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉරාන් වික්‍රමරත්න මහතා ජී 24 සමුළුවට සහභාගි වෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා රටේ රාජ්‍ය ණය බර සහ ඒවා නිසිලෙස ආපසු ගෙවීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අප කණ්ඩායමේ රටවල ධාරිතාවන් ඉහළට නැංවිය යුතු බවත් ඒ සඳහා වන තාක්ෂණික සහ අනෙකුත් විසඳුම් මෙවැනි ජාත්‍යන්තර සමුළුවලදී කතිකා කර ගැනීමට හැකියාව ලැබෙන බවත්ය.

ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ණය කළමනාකරණය හොඳින් කරගෙන යන බවත් ණය වාරික ගෙවා දැමීම නිසි පරිදි සිදුකරන බවත් කී රාජ්‍ය ඇමැතිවරයා ජී 24 කණ්ඩායමේ තාක්ෂණික කමිටු රැස්වීමක් මේ වසරේ පෙබරවාරි මාසයේ කොළඹදී පැවැති බවද ඒ මහතා සිහිපත් කළේය.

ජී 77 රටවල් සමූහයේ පරිච්ඡේදයක් වන 24 කණ්ඩායම 1971 වසරේදී ස්ථාපිත කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය සහ මූල්‍ය ගැටලු සංවර්ධනය පිළිබඳව සංවර්ධනය වෙමින් පවත්නා රටවල්හි ස්ථාවරයන් සම්බන්ධීකරණය කිරීමට මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡාවන්හි ප්‍රමාණවත් ලෙස නියෝජනය කිරීම තහවුරු කිරීමේ අරමුණින් බවද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය කටයුතු හා සංවර්ධනය පිළිබඳ අන්තර් රාජ්‍ය 24 කණ්ඩායම ලෙස නිල වශයෙන් හඳුන්වන ජී 24 කණ්ඩායම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලේකම් කාර්යාල සේවා සපයනු ලබන බව පෙන්වා දී තිබෙන ඒ මහතා තාක්ෂණික කමිටු රැස්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මූල්‍ය කමිටු, සංවර්ධන කමිටු, රැස්වීම්වලට පෙරාතුව න්‍යාය පත්‍රයේ අඩංගු කරුණු සංවර්ධනය වෙමින් පවත්නා රටවල සාමාජිකයන්ට කල්වේලා ඇතිව සාකච්ඡා කිරීමට හැකිවන පරිදි වසරකට දෙවරක් පැවැත්වෙන බවද සඳහන් කර ඇත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();