Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිනේෂ්ගේ පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම්

Author(s): 
නෙල්කා මැදගෙදර

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති “අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත” අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ගොනු කළ පෙත්සමට එරෙහිව කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් අතරමැදි පෙත්සම් කිහිපයක් අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ගොනු කිරීමට නියමිතය.

අතරමැදි පාර්ශ්ව පෙත්සම් 11ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එලෙස ගොනු කිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ඇතුළු දේශපාලන පක්ෂ, පුරවැසි බලය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අජිත් පී. පෙරේරා, කබීර් හෂීම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ඇත.

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන පනතෙහි ඇතුළත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විශේෂ පෙත්සමක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ගොනු කරන ලදී.

පිහිටුවීමට යෝජිත විශේෂ මහාධිකරණ හමුවෙහි නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමට ලබාදීම මෙම පනත මගින් සිදු කරන අතර එය වැරැදිසහගත බවට එම පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.

එම පනත් කෙටුම්පත නීතියක් ලෙස ක්‍රියාත්මක වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශයක් කරන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();