Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අන්තර්ජාලයෙන් ජාතිවාදය ඇවිස්සූ පාසල් සිසුන් 4ක් අත්අඩංගුවට

Author(s): 
විජයානි එදිරිසිංහ

මහනුවර සාපරාධී ක්‍රියාකාරකම් හා සම්බන්ධව අන්තර්ජාලය හරහා ජාතිවාදී හැඟීම් අවුස්සන විවිධ ප්‍රකාශ ප්‍රචාරය කළැයි රහස් පොලිසිය මඟින් පාසල් සිසුන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මිනුවන්ගොඩ, කොල්ලුපිටිය, හෝමාගම යන ප්‍රදේශවලින් මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුන් සිවුදෙනා සිංහල හා මුස්ලිම් දෙපාර්ශ්වයේම අය වෙති. මහනුවර ප්‍රචණ්ඩකාරී සාපරාධී ක්‍රියා සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් 280 ක පිරිසද සිංහල - මුස්ලිම් දෙපාර්ශ්වයේම අය සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

අත්අඩංගුවට පත් සිසුන් ‍හතරදෙනාගෙන් එක් අයෙක් අවුරුදු 18ට වැඩි අයෙකි. ඔහු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්වී තිබේ. සෙසු පාසල් සිසුන් වයස අවුරුදු 18 ට අඩු නිසා මාකොළ ළමාරක්ෂිත රැඳවුම් භාරයට පත්කර ඇත.

රහස් පොලිසිය මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදු කරයි. 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();