Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සීදුව පොලිස් ලොක්කා 28දා දක්වා රිමාන්ඩ්

පැමිණිලිකරුට වාසි වන පරිදි නීති මඟින් කටයුතු කර දීමට රුපියල් 25.000ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පෙරේදා (13)අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සීදුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මේ මස 28 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (14) නියම කෙළේය.

මෙසේ බන්ධනාගාරගත කරනු ලැබුවේ සීදුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කස්තුරිආරච්චිගේ අශෝක වීරතිලක නැමැත්තාය.

සීදුව පොලිස් ස්ථානයේ අපරාධ අංශය වෙත කරන ලද පැමිණිල්ල විභාග කර සැකකරු අත්අඩංගුවට ගෙන පැමිණිලිකරුට වාසි වන පරිදි නීතිමඟින් කටයුතු කර දිමට අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් 25.000ක අල්ලසක් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ලබා ගත් බවට පැමිණිල්ලේ සදහන්ය.

නො.427/2 දුම්රියපළ පාර ,කටුනායක පදිංචි මෝගන්ෂර්ලි ජයසේකර යන අය මේ සිද්ධියේ පැමිණිලිකරුවේ.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන පැමිණිලිකරු කිඹුලාපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන රූපලාවන්‍යාරයේ සේවය කළ සේවිකාවක් අතර ඇති වු බහින්බස්විමක් සම්බන්ධ ව පොලිසියට කළ පැමිණිල්ලකට මෙසේ වාසිවන පරිදි කටයුතු කිරිමට සැකකරු රුපියල් 25.000ක මුදලක් පැමිණිලිකරුගෙන් ඉල්ලා තිබේ.

පැමිණිලිකරු ඒ සම්බන්ධව අල්ලස් කොමිසම වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ඉකුත් 13 වන දින සැකකාර ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම පැවසුවේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවය.

අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරු මේ මස 28 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරිමට නියම කෙළේය. 

සිරන්ජනි කුමාරි ,රිද්මි අමෝදා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();