Header Ads Widget

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු රිමාන්ඩ්

Author(s): 
සිරන්ජනි කුමාරි

මහජන පිඩා ඇති වන අයුරින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක සැකකරුවකු වන ‍සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු දිගින් දිගටම අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔහුගේ ඇප අවලංගු කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකරු ‍ලබන මස 9 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරීමට ඊයේ (26) නියම කළේය.

මෙසේ රක්ෂිතබන්ධනාගාරගත කළේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු වන ආත්මා ප්‍රියදර්ශන නැමැත්තාය.

සැකකරුගේ ඇපකරුට ද මෙහිදි නොතිසි නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

මහජන පිඩා ඇතිවන අයුරින් ඉකුත් නොවැම්බර් මස දිනක සයිටම් විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාව සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ලහිරු චතුරංග, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය තැන්නේ ගුණානන්ද ,ආර්.පි අමිල සදරුවන්, කුෂාන් රංගන අමරතුංග, ආත්මා ප්‍රියදර්ශන හා දිනේෂ් මධුරංග යන අය කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබිණි.

එදින සිට සිද්ධිය කිහිපවතාවක් කැඳවුවද සැකකාර ආත්මා ප්‍රියදර්ශන නැමැත්තා අධිකරණය හමුවේ පෙනි නොසිටි හෙයින් මෙසේ ඔහුගේ ඇප අවලංගු කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ලිහිරු චතුරංග ඇතුළු ශිෂ්‍යයන් තිදෙනෙකු අධිකරණය හමුවේ ඊයේ පෙනි නොසිටි අතර ඔහුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින හෙයින් මෙම නඩුවේ පෙනී නොසිටින බවට ඔහුන්ගේ නිතිඥවරයා අධිකරණය වෙත දන්වමින් ඉදිරි දින ඔහුන්ගේ පෙනි සිටීමේ වගකීම භාර ගනු ලැබිණ‍ි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();