Ticker

    Loading......

Header Ads Widget

නීතිපතිට යැවූ වාර්තා 97ම මහා පරිමාණ මුල්‍ය වංචා

Author(s): 
විජයානි එදිරිසිංහ

මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තා 97ම රජයේ මුදල් රුපියල් කෝටි ගණන් ගසා කෑ පොදු දේපළ පනත යටතට වැටෙන සහ ඒ යටතේ චෝදනා ඉදිරිපත් කෙරෙන මහා පරිමාණ මුල්‍ය වංචාවන් බව මුල්‍ය අපරාධ කොට්ඨාසය කියයි.

කොටස් වෙළෙඳ පොළ, රජයේ අමාත්‍යාංශ සහ ඒ යටතේ ඇති ආයතන වන සංස්ථා, දොපර්තමේන්තු. අධිකාරි, සමාගම්. ඇතුළු රාජ්‍ය විගණනයට වැටෙන ආයතන සහ රාජ්‍ය විගණනයට නොවැටෙන එහෙත් රාජය ආයතන සහ අර්ධ රාජ්‍ය සහ රාජ්‍ය යන රජයේ ආදායම් වියදම්වලින් කටයුතු කරන. රජයට ආදායම් සැපයිය යුතු ආයතන ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක මුදල් වංචනිකව පරිහරණය කළ සිද්ධීන් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් එම පරීක්ෂණ පවත්වා තිබේ.

ර‍ජයේ ආදායමට එකතු වෙන ඒ හරහා මහජනතාව වෙනුවෙන් සිදු කෙරෙන වියදම්වලට ගැනෙන මුදල් වශයෙන් මේ වන විට මුල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පවත්වා ඇති පරීක්ෂණවලින් හෙළිදරවු වී ඇති වංචාවල මුල්‍ය වටිනාකම රුපියල් කෝටි විසිදහස ඉක්මවා ගොස් ඇති බව ද මුල්‍ය අපරාධ කොට්ඨාසය කියයි.

මේ වන විට පරීක්ෂණ අවසන් කර නීතිපති උපදෙස් අනුව නඩු පවරා ඇති වංචාවන් සියල්ල ද පොදු දේපළ යටතේ චෝදනා එල්ල කළ ඒවා වෙයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();