Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ කාර්ය තැරැව්කරුවන් අතට පත්කරලා.

ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කළේ,කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා අහිමිව අසරණ වී සිටින විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා කඩිනමින් මැදිහත් වියයුතු බවයි.

ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව මේ සම්බන්ධයෙන් සකස් කෙරුණු වීඩියෝ දර්ශන පෙලක්ද ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ඒවා අතර රැකියාව අහිමිව කුවේටයේ නගරයක සිඟමන් යදින අයෙකුගේ වීඩියෝ දර්ශන පෙලක්ද දක්නට ලැබුණි. තවද එම වීඩියෝ දර්ශන අතර අසරණ වූ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ වීඩියෝ දර්ශනද දක්නට ලැබුණි.

කුවේට්හි, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අසරණව සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් ද මෙහිදී ඔවුන් විසින් මාධ්‍යට මුදාහැරියේය. එම මාධ්‍යය සාකච්ඡාවේදී අනාවරණය වූයේ මැදපෙරදිග කලාපයේ රටවල තිබෙන ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල කිසිවක් අසරණ වී ඇති ශ්‍රි ලාංකීය ශ්‍රමිකයන් රැක බලා ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවයි.

වැඩිදරටත් අදහස් දක්වමින් ප්‍රගතිශිලී ස්ත්‍රී එකමුතුවේ සරෝජා පෝල්රාජ් මෙසේ පැවසීය.

“මෙම විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ කාර්ය භාරගෙන තියෙන්නේ විදේශ අමාත්‍යාංශය සහ කොරෝනා මර්දන ඒකකය හා කාර්ය සාධක බලකායට. ශ්‍රමිකයින් පිළිබඳ වගකිව යුතු මුලිකම ආයතනය ඉවත් කරලා, මේක ව්‍යාපාරික උවමනාවට තැරැව්කරුවන් අතට පත්කිරීමේ ප්‍රධාන පියවර අරන් තියෙන්නේ අන්න එතන. ජනාධිපතිවරයා කියනවා ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. මේ ඉන්නේ එතුමාගේ පුරවැසියෝ. එතුමාට ඡන්දය දීපු ජනතාව. විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රශ්නවලටත් ඒ ආකාරයෙන්ම මැදිහත් වෙන්න කියලා අපි  ජනාධිපතිට කියනවා .”

The post විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ කාර්ය තැරැව්කරුවන් අතට පත්කරලා. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();