Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිතලා බලන්න හොඳම කාලේ

සොබාදහම විසින් අප ඇති කළා මිස, අප විසින් සොබාදහම ඇති කළා නොව.

බොහෝ දෑ මෙන් අපට මෙය ද අමතක විය. මිනිසා දියුණු වූවා පමණි. එහෙත් ඒ  මානුෂීයව ද ? අාධ්‍යාත්මිකව ද? මඳක් සිතා බලන්න, කිසිදු ප්‍රති උපකාරයක්, ප්‍රතිලාභයක් අපේක්ෂා නොකොට, තුරුලතා ඇළදොළ බිහි කර ජිවයේ පණනළ පොවමින් අපව රැකි සොබාදහමට අප කෘතගුණ සැලකුවේ කෙසේ ද?

තත්පර 10 ක් ඇතුළත මුළු ලෝකයම විනාශ කළ හැකි තරම් අවි ආයුධ තොගයක් මිහිතලය මතම ගබඩා කරමින් ද?

මිනිසුන් වූ අපට ඉවසීමේ සිමාවක් ඇතුවා මෙන්ම සොබාදහමට ද සියලු දෑ විඳ දරා ගැනීමේ සීමාවක් ඇති බව දැන්වත් අප වටහා ගත යුතු නොවේ ද?

ඔළුවෙ අමාරුවටත් Tablet බොන අපි දැන් කොත්තමලි, වෙනිවැල්ගැට හොයාගෙන දුවනව නේද? හුළං පාරක් වත් එන්න දෙන්නෙ නැතුව Ac කාමරවල සැපට හිටිය සමහරු දැන් අව්ව හුළඟ හොඳයි කියනව නේද?

ඉතින්, සොබාදහම දෙන මේ දඬුවම් ටිකෙන් වත් අපි දෙපාරක් හිතුවොත් නරක ද? සොබාදහම රකින්නා සොබාදහම විසින්ම සුරකී. (මුඛවාඩමෙන් නොව)

 කෞශ් දිසානායක

 



from dinamina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();