Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෑම නුදුන් නිසා උරණ වූ අලි තිදෙනෙක් කතරගම බුත්තල මාර්ගයේදී බස් රථයකට පහර දෙයි

බුත්තල – කතරගම මාර්ගයේ ගෝන ගංආර ගල්ගේ ප්‍රදේශයේදී කතරගම ප්‍රදේශයේ වන්දනා චාරිකාවක යමින් සිටි බස් රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇත.
තිදෙනකුගෙන් යුත් වන අලි කණ්ඩායමක එක් අලියකු මෙලෙස බස් රථයට පහරදී ඇත්තේ පෙරේදා සවසයි.

කොත්මලේ, කැටබුලාව ප්‍රදේශයේ පදිංචි චාමර සුභාෂිත ද සිල්වා මහතාගේ බස් රථය මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් බස් රථයේ රියැදුරු අසුනට යාබදව ඇති දොර හා ජනෙල් පැති කණ්ණාඩි ආදියට දැඩි හානි සිදු වී ඇත.

බුත්තල – කතරගම මාර්ගයේ කතරගම දෙසට බස් රථය ගමන් කිරීමේදී කැලයෙන් මතු වූ වන අලි තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක එක් අලියකු මාර්ගය හරස් කොට ඇත. මාර්ගය හරස් කොට බස් රථයෙන් කෑම ඉල්ලා ඇති අතර බස් රථයේ සිටි මගීන් දිවුල් ආදී පලතුරු දුන්නද ඒවා කිසිවක් අලියා ආහාරයට ගෙන නොමැත.

කෑම නොදීම පිළිබඳව උරණ වූ අලියා බස් රථයට පහරදී ඇත. රියැදුරු අසුනට යාබදව ඇති ජනේලයෙන් සිය හොඬවැල දමා බසයේ සිටි කාන්තාවකගේ බෑගයක් ගෙන එහි තිබූ කෑම පාර්සලයක් ගෙන අනුභව කර ඇත.



from Gossip Lanka News & Video http://ift.tt/2CWjxdw
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();