Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෝෂදායී වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහනක්.

පෝෂදායී වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර මතුගම අධ්‍යාපන කලාපය මූලික කරගනිමින් 2020/11/13 දින  මතුගම අදිකාරම් මහා විද්‍යාලයේ දී ආරම්භ විය.
කොවිඩ් අභියෝගය ඇතුළු අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට ප්‍රතිශක්තියෙන් සවිමත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අමාත්‍යතුමන්  විසින් මෙම වැඩසටහන සඳහා ප්‍රතිපාදන දායකත්වය සපයන අතර මතුගම අධ්‍යාපන කලාපයේ මූලිකත්වයෙන් හෙළ සුවය සංගමයේ ද දායකත්වය සහිතව වැඩසටහන ක්‍රියාත්මක වේ.

 

වැඩසටහනේ පළමු අදියර යටතේ කලාපයේ ගොවි මහත්ම මහත්මීන් එකසිය තිස් තුන්දෙනෙකු වෙත ප්‍රතිලාභ හිමිවේ. ඒ අනුව වසවිසෙන් තොර ගොවිතැන වෙනුවෙන් බිත්තර වී කිලෝ පහ බැගින් (5kg)  ගොවි මහත්ම මහත්මීන් වෙත බෙදා දීම මෙදින සිදුවිය. ඊට අමතරව ගොවිතැන් සශ්‍රීක කිරීමට අවශ්‍ය ක්ශ්‍රද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වර්ධන කරන දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සැකසූ ඖෂධක් ද බෙදා දීම සිදුවිය. කෘෂිකාර්මික ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේ මෙම වැඩසටහන පුළුල්ව ක්‍රියාත්මක වනු ඇත. එම ප්‍රදේශයේ දුවාදරුවන් වෙත දේශීය ගොවිතැන පිළිබඳ අවබෝධයක් ලබාදීම ද මීට සමගාමීව සිදුවෙයි.
ඊට අමතරව කෘෂිකාර්මික ප්‍රදේශවල ඇති පාසල් සතු මඩ ඉඩම් දේශීය ගොවිතැන ඔස්සේ සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද අනාගතයේ ක්‍රියාවට නැංවීමට  සැලසුම් කර තිබේ. 
මාධ්‍ය ඒකකය
කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන,
පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

The post පෝෂදායී වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහනක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();