Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගවයන් 37 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් අත්අඩංගුවට

අද උදෑසන මිහින්තලය පොලිසිය විසින් සිදු කරනු ලැබූ මෙහෙයුමක දී මැදවච්චියේ සිට ලොරි තුනකින් ප්‍රවාහනය කරමින් තිබූ ගවයන් 37 දෙනෙකු සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත
 
සිද්ධිය සම්බන්ධ වැඩිදුර අදහස් දැක් වූ මිහිතලය පොලිසියේ ස්ථානාධිපති කේ.ඩී .ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ,මෙසේ ප්‍රවාහනය කළ ගවයන් අක්කරේපත්තුව ,අකුරණ හා ගම්පහ යක්කල ප්‍රදේශ වලට මස් සඳහා විකිනීමට සුදානම් කර ඇති බවයි
 
මෙම මෙහෙයුම සඳහා ස්ථානාධිපතිතුමා ඇතුළු 8 දෙනෙකුගෙන් සමන්විත නිළධාරී පිරිසක් සහභාගී වී ඇත
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහින්තලය පොලිසිය විසින් සිදු කරයි
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();