Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇත්තටම ඔක්කොම බ්‍රැන්ඩික්ස් එකට සම්බන්ධද?

” ඇත්තටම ගත්තහම හැමතැනකම යම් කිසි ආශ්‍රිතයින් හමුවු බව බුද්ධි අංශවලින් අපි තේරුම් අරන් තියෙනවා. උදාහරණයක් වශයෙන් බැලුවහම මතුගම සම්බන්ධයෙන්. බස් රථයක් අයිති එක හිමිකරුවෙක් ඔහුට ආසාදනය වෙලා තියෙනවා, ඒ බස් රථයේ රියදුරුට හා කොන්දොස්රට ආසාදනය වෙලා තියෙනවා. ඒ බස් රථය විශේෂයෙන්ම කොළඹ රෝහල් වෙත පුද්ගලයින් රැගෙන විත් තියෙනවා. එහිදි හෙදියකට ආසාදනය වෙනවා. හෙදිය ජාතික රෝහලේ සේවයේ නියුතු කාන්තාවක්. ඒ හෙදියට යම් සම්බන්ධතාවයක් ඇති වෙන්න ඇති. මීට දින 3කට පෙර ජාතික රෝහලේ කිහිප දෙනෙක්ට ආසානය වුණා. කතාව හොයා ගෙන ගියාම මේකයි ඇත්ත තත්ත්වය.“

 

“තිස්සමහාරාමය ගත්තහම ඊයේ දවස වෙනකොට යාල ප්‍රදේශයේ ටුවර් ගයිඩ් කෙනෙක් කියලා වාර්තා වුණා.සොයා ගෙන යද්දි එයත් වාර්තා වුණා. තිස්සමහාරාමයේ මේ පුද්ගලයා විසින් තිබුණ මඟුලකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හෝම්කමින් එකට ඇවිල්ලා තියෙනවා ගම්පහ ප්‍රදේශයේ කට්ටිය. ඒ ගම්පහ අය නැවත වතාවක් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවට සම්බන්ධයි. සමහර වෙලාවට තිස්සමහාරාමයේ කෙනාට කිසිසේත්ම දැනුමක් නැතිව ඇති ගම්පහින් ආවා කිව්වට. ඊයේ කොළඹ HNB එකේ ප්‍රශ්නයක් වුණා ඒකත් උඩුමහලක සිද්ධිය වුණේ. ඒ මහළ විතරක් හුදකලා කරලා තියෙනවනා. මේ දක්වා හමුවු සියලු දෙනාම යම්කිසි ආකාරයකින් සම්බන්ධයක් තියෙනවා. මේවා අවසානයේ නවතින්නේ මිනුවන්ගොඩ කම්හල හා සම්බන්ධ වෙලා.“

නව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව යුද හමුදාපතිවරයා අද උදෑසන දැක්වූ අදහස් ඉහත පළ වන අතර මෙය වෛරසය සමාජ ව්‍යාප්තියක් දක්වා ගමන්කර ඇත්ද නැද්ද යන්න තීරණය කිරීම පාඨකයන් හට බාරය.

The post ඇත්තටම ඔක්කොම බ්‍රැන්ඩික්ස් එකට සම්බන්ධද? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();