සුප්‍රකට දකුණු ඉන්දියාවේ ගායන ශිල්පී එස්.පී. බාලසූබ්‍රමනියම් අභාවප්‍රාප්ත වෙයි.
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් චෙන්නායි හි පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු ජීවිතක්‍ෂයට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මියයන විට බාලසූබ්‍රමනියම් 74 වන වියේ පසු විය.
වසර 55 ක කාලයක් වූ සිය සංගීත දිවිය තුළ ඔහු තෙළිඟු, දෙමළ, මලයාලම්, කන්නඩ, හින්දි ඇතුළු භාෂා 16 ක ගීත 40,000 කට අධික ප්‍රමාණයක් ගායනා කර තිබේ.
ඉකුත් අගෝස්තු මස 05 වෙනිදා සිට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලැබීය. අගෝස්තු 13 වනදා දක්වා ඔහු යහපත් තත්ත්වයේ පසුවූ නමුත් එදින රාත්‍රියේ ඔහුගේ තත්වය නරක අතට හැරි තිබුනි. අනතුරුව මාසයකට වැඩි කාලයක් ඔහු ස්වසන ආධාරකයක ප්‍රතිකාර ලබමින් සිටි බව සදහන්වේ.
0 Comments