Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුවන්වැලි සෑයේ කොත නිරාවරණය අද පෙරවරුවේ දී

අද (26) පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි සෑ රදුන්ගේ චූඩා මාණික්‍යය පැළඳවු කොත නිරාවරණය කිරීමට නියමිතයි.

ක්‍රි.පූ.140යේ දී දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරවන ලදි

රුවන්වැලි මහසෑය අවසන් වරට ප්‍රතිසංස්කරණය කොට චූඩා මාණික්‍යය පැළඳවීම සිදුවුයේ 1939 වසරේදී යි.

චූඩා මාණික්‍යයට පලුදු වී දුර්වර්ණ වීම නිසා රන් පාදමක් සහිත නව චූඩා මාණික්‍යය නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.

මෙම නව චූඩා මාණික්‍යයේ පළිඟු කොටස සඳහා භාවිත කොට ඇත්තේ දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ටල් නම් පාෂාණය යි.

ස්වභාවික නිල් මැණික්, රතු මැණික් ඇතුළු මැණික් ගල් 5320ක් යොදාගෙන නිමවුණු මේ සඳහා පිරිසිදු රත්‍රං කිලෝග්‍රෑම් 28කට වැඩි ප්‍රමාණයක් භාවිත කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();