සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසි නැමැත්තා අද (25) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔක්තෝබර් මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, බන්ධනාගාර සහ පාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්දයෙන් දෙවැනි චුදිතයා ලෙස නම් කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
මොහු විත්ති කුඩුවේ සිටියදී මොහුගේ දැස්වලින් කදුළු වැටෙනු දැකගත හැකිවූ බවයි වාර්තා වන්නේ.
බුස්ස බන්ධනාගාරයේ සිට සැකකරු දැඩි ආරක්ෂක රැකවල් මැද රැගෙන විත් තිබුණා.
මෙකී නඩුවේ පළමු චුදිතයා ලෙස කොස්ගොඩ තාරක නැමැත්තා නම්කොට තිබෙනවා.
මෙම නඩුව සම්බන්දයෙන් තවත් රැඳවියන්ගෙන් හා මාකදුරේ මදුෂ්ගෙන් මෙන්ම බන්ධනාගාර කොමසාරිස්වරයකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවත් ඒ නිසා විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා මොහු තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියා.
තවදුරටත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය ඉදිරියේ කරණු දක්වමින් මෙසේ පවසා සිටියා.
” මෙකි නඩුවේ පළමු සැකකරු ලෙස නම්කොට සිටින කොස්ගොඩ තාරක හා දෙවැනි සැකකරු ලෙස නම්කොට සිටින පොඩි ලැසි නැමැත්තා ඒ අයුරින් තර්ජනය නොකළ බවට දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළා. නමුත් මොවුන් 11 වැනි දින බන්ධනාගාරය තුල උපවාසයක් ආරම්භ කළා. දින 05ක් උපවාස කළා. මෙය අතිශය කණගාටුදායක තත්වයක්. නිති විරෝධි ක්‍රියාවක්. අධිකරණයට කළ අපහාසයක්. උපාවාස කිරීමට පෙර ආපනශාලවෙන් ආහාර රැස්කරගෙන තිබෙනවා. මෙහි පළමු සැකකරු වන කොස්ගොඩ තාරක රැදවුම නියෝග ලබාගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ ඉන්නවා. කොස්ගොඩ තාරකගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ද විශේෂ පරික්ෂයක් පවත්වනවා.” යනුවෙනි.
මෙහිදි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල තමන්ට මේ සම්බන්ධ යමක් කීමට ඇද්දැයි විමසා සිටි අතර එහිදි පොඩිලැසි නැමැත්තා ප්‍රකාශකොට සිටියේ තමන් එවැනි තර්ජනයක් නොකල බවයි.
ජනපති මරනවා කි පාතාලයා 'පොඩි ලැසී' උසාවියේ හඬයි
ජනපති මරනවා කි පාතාලයා 'පොඩි ලැසී' උසාවියේ හඬයි.. – චන්ඩියෙක් නොන්ඩියෙක් වුණේ මෙලෙසයි Join Whatsapp : https://bit.ly/3bkUDpvLike us :www.facebook.com/www.truenews.lkසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පොඩි ලැසි නැමැත්තා අද (25) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔක්තෝබර් මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරණ ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, බන්ධනාගාර සහ පාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්දයෙන් දෙවැනි චුදිතයා ලෙස නම් කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.මොහු විත්ති කුඩුවේ සිටියදී මොහුගේ දැස්වලින් කදුළු වැටෙනු දැකගත හැකිවූ බවයි වාර්තා වන්නේ.බුස්ස බන්ධනාගාරයේ සිට සැකකරු දැඩි ආරක්ෂක රැකවල් මැද රැගෙන විත් තිබුණා.
Gepostet von TrueNews.lk am Freitag, 25. September 2020
from රට තොට – Colombo Tribune https://ift.tt/307Ftj7
tribune
0 Comments