යුක්රේනයේ ගුවන් යානා පාසලක සිසුන් රැගත් හමුදා යානයක් ගොඩබසින අතරතුරදී කඩා වැටී ගිනිගෙන ඇති අතර, මෙම අනතුරින් එහි ගමන්ගත් 25 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුද්ගලයන් 28 දෙනෙකු රැගත් ඇන්ටනොව්-26 වර්ගයේ යානය කියෙව් අගනුවරට කිලෝමීටර් 400ක් නැගෙනහිරින් පිහිටි චුහයිව් ගුවන් තොටුපළට ගොඩබසින අතරතුර අනතුරට ලක්ව තිබේ.
පුද්ගලයින් 22 දෙනෙකුගේ සිරුරු හමුවී, දෙදෙනෙකු තුවාල ලබා, සිව් දෙනෙකු සෙවීමේ කටයුතු දිගටම කරගෙන යන බව හදිසි සේවාව අංශ සදහන් කරයි.
යානයේ හමුදා කාර්ය මණ්ඩලයක් සිටි බවත්, යානයේ සිටි බොහෝ දෙනා ආරක්ෂක අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන ගුවන් යානා පාසලක සිසුන් බවත් වාර්තා වේ.
යානය පුහුණු ගුවන් සැසියක් පවත්වමින් සිටි බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් වාර්තා වී නොමැත.
0 Comments