
“කොරෝනා සම්බන්ධව නැවත බිය ජනක තත්වයකට රට ඇව්ල්ලා. මේක දෙවෙනි රැල්ලක් නෙමෙයි. දෙවෙනි රැල්ලක් එන්න පළවෙනි එක ඉවර වෙන්න ඕන. තාම එහෙම වෙලා නැහැ. හදිසි තත්වය ඉවත් කිරීමේ සහතික ලෝක සෞඛ්‍ය සංවිධාය ලෝකයේ රටවලට ලබා දුන්නත් තාම ඒක අපට ලැබිලා නැහැ. යුරෝපා රටවල් සංචාරය කිරීම සදහා සුදුසු රටවල් නම් කළා. ඒකෙත් අපේ රටේ නම නැහැ. ඒක නිසා පළවෙනි රැල්ල තාම ඉවර නෑ ඒකේ පොකුරැ තමයි තාම තියෙන්නේ. ඇත්තටම ආණ්ඩුව කොරෝනා නැති කිරීම වෙනුවට මිනිසුන් ඒ සදහා තිබූ බිය නැති කලා” යනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
දැන් මිනිස්සු අපට හැදෙන එකක් නෑ කියලා හිතාගෙන හැම තැනම ගමන් කරන බවත් ඒක ආණ්ඩුවට ඡන්ද වැඩකටයුතු සදහා උමනාකර තිබූ බවත් ඡන්දෙන් ලැබෙන තුනෙන් දෙක හෝ වැඩිතරෙන් පසු කොරෝනා ව්‍යාප්තියට අදාල සීමා පනවනු ඇති බවද එතෙක් වයිරසය සමාජය තුල පැතිරෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සදහන් කළේය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
The post ආණ්ඩුව කොරෝනා නැති කිරීම වෙනුවට මිනිසුන් ඒ සදහා තිබූ බිය නැති කලා. appeared first on Lanka News Column.

0 Comments