කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වු ආසාදිතයෙකු සමග සමීප සබදතා පැවැත්වු පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන්ආසාදිතයෙකු බවට හදුනාගැනේ.
සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2703 දක්වා ඉහළ යයි.
අද (18) දිනයේ මෙරටින් කොවිඩ් - 19 ආසාදිතයින් හයදෙනෙකු හඳුනා ගැනුණු අතර ඒ අතරින් එක් අයෙක් පිලිපීනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.
තවත් සිව්දෙනෙකු හෝමාගමින් හමු වූ කන්දාකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් ආසාදිතයා ලංකාපුර පදිංචි කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙකි.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 669ක් වන අතර පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ගණන 2023ක් ලෙස සටහන් වේ.

0 Comments