කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මුම්බායි නුවර ජල්සා මැදුරේ ස්වයං නිරෝධායනයට ලක්වී සිටි බොලිවුඩයේ සුපිරි නිළි ඓශ්වර්යා රායි බච්චන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායිහි පිහිටි නැණවතී රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇයගේ මාමණ්ඩිය වන 77 හැවිරිදි අමිතාබ් බච්චන් සහ සැමියා වන අභිෂේක් බච්චන් ද කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන්නේ එම රෝහලේයි.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඓශ්වර්යාගේ 08 හැවිරිදි දියණිය ආරධ්‍යා මුම්බායි නුවර පිහිටි බච්චන් මැදුරු 5 න් එකක් වන ජල්සා මන්දිරයේ ස්වයං නිරෝධායනයට ලක්වූවාය.
කෙසේවෙතත් ඓශ්වර්යා රායිගේ නැන්දණිය වන ඡයා බච්චන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැත.
මේ අතර, බච්චන් පවුල හැරුණු කොට කොරෝනා වෛරසය හේතුවෙන් බොලිවුඩ් පුරයේ සුපිරි නළු නිළියන් රැසක් දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වෙ.
අමීර් ඛාන්, කරන් ජොහාර්, බොනී කපූර් සහ ෂාර්දා කපූර් ඔවුන්ගේ කාර්ය මණ්ඩලවලට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රකාශයට පත් කළ අතර, සුපිරි නිළි රේඛාගේ නිවසට මුද්‍රා තැබීමට මුම්බායි බලධාරීන් කටයුතු කළේ ඇගේ ආරක්ෂකයන්ට වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

0 Comments