Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ දිනයට නව ආසාදිතයන් 7 ක් හදුනා ගනී.

මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2704 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (18) දිනය තුළ දී නව ආසාදිතයින් හත්දෙනෙකු හඳුනාගෙන ඇත.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් පස්දෙනෙකු මේ අතර වෙයි.

ඔවුන්ගෙන් සිව්දෙනෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවූවෙකු ද ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්ව සිටි අය වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නිරෝධායනට ලක්වෙමින් සිටි පිලිපීනයේ සිට පැමිණි අයෙකු ද කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස ඊයේ හඳුනාගැණුනි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();