Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාලි වලට ඉන්දියානු ආධාර

යාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

යාපනය පළාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ආධාරයක් ලබා දීමට මේවන විට එකග වී ඇත. මෙම මුදලින් සැහැල්ලු ගමන් මළු හැසිරවීමේ පද්ධතිය, පිටත්වීමේ පාලන පද්ධතිය, ජල සම්පාදන, අප ජල ප්‍රවාහන පද්ධතිය හා ඝණ අපද්‍රව්‍ය අපවහන පද්ධතිය සැකසීමට අපේක්ෂිතයි.

යාපනය පළාලි ගුවන් තොටුපලේ තාවකාලික ගුවන් ගමන් පාලන කුළුණක් මේ වන විටත් ඉදිකර තිබේ. ගුවන් ධාවන පථ ආලෝකකරණ පද්ධතිය ද සැකසීම සදහා ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතී. යාපනය පළාලි ගුවන් තොටුපළේ සකස් කර ඇති මගී පර්යන්ත පහසුකම් මේ වන විට ඇත්තේ සීමිතවය. එහෙත් මෙහි වාණිජ ගුවන් යානා හා ජාත්‍යන්තර මගීන් හැසිරවීමේ දී වැඩි පහසුකම් අවශ්‍ය වෙනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග පෙන්වා දෙයි.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය පැවරෙන අතර ඉන්දියානු රජය විසින් ලබා දෙන රුපියල් මිලියන 300 ක ප්‍රදානය භාවිතා කිරීමට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට බලය පැවරේ.

The post පළාලි වලට ඉන්දියානු ආධාර appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();