Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෙරවලපිටිය එල්.එන්.ජී. මේ වසරේ

මෙගා වොට් 300ක ධාරීතාවකින් යුත් කෙරවළපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු මෙම වසර තුළදි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. ප්‍රවාහන සේවා කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලද බවයි.

“කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු අවසන් වන්නට තිබුණේ 2016 වර්ෂයේදී. ඒත් මේ වනතෙක් එය සිදුකර ගැනීමට නොහැකි වුණා. ශක්තිමත් දේශපාලන නායකත්වයක් නොතිබීම ඊට හේතුවයි. නමුත් අපිට හැකිවී තිබෙනවා මෙම ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළම ආරම්භ කරන්න.

මෙම විදුලි බලාගාරය ඉදි කිරීම සදහා මා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. ඒ යටතේ මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් අපේ ජාතික විදුලි පද්ධතියට ඉදිරි වසර 02 තුළ එක් වෙනවා.

පසුගිය වසර 05 තුළ රටේ සමස්ත විදුලි  ඉල්ලුම 27%කින් ඉහළ ගියත් විදුලි නිෂ්පාදනය 2%කින්වත් ඉහළ ගියේ නෑ. එයට හේතුව තමයි මේ විදුලි බලාගාර එකක්වත් ඉදි නොවීම. මේ රට විදුලි බලයෙන් සුපෝෂිත කිරීමට අපි මේ වනවිට සියලු පියවර ගෙන තිබෙනවා. ඒ යටතේ මේ වසර අවසන් වනවිට විදුලි බලිගාර 05ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා” යැයි ඔහු මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

The post කෙරවලපිටිය එල්.එන්.ජී. මේ වසරේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();