
කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් කෘෂිකර්ම කැබිනට් ඇමතිවරයාව ග්‍රහණයකට ලක්කරගෙන ඇති බවට තමන්ට සැක සහිත බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන උග්‍ර නිලධාරීවාදය හේතුවෙන් කෘෂිකර්මයේ දියුණුව කඩා වැටී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
කළුතර දිස්ත්‍රික්කයේ ‘සිතමු’ ගොවි කාන්තා නිලධාරින් සඳහා පසුගියදා මතුගම ශ්‍රවණාගාරයේ පැවති ‘වස විස නැති ආහාර වේලක්’ යන වැඩසටහනේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ගෙවුණු මාස දෙක ඇතුළත කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යවරයාව නොමග යවා ඇති බව හා ගොවි ජනතාවට අවශ්‍ය සහන පහසුකම් ලබානොදී ,එම මුදල් වලින් මුදල්වලින් විදෙස් සංචාර සිදුකර ඇති බවයි.
“කෘෂි කර්ම අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් මා කටයුතු කළ පසුගිය මාස දෙක තුළ දී දැකපු දෙයක් තමයි නිලධාරී මාෆියාවක් තිබෙන බව. මේ නිලධාරීන් තමන්ට හිතෙන හිතුන විදිහට තමයි වැඩ කරන්නේ. ව්‍යාපෘති එකට සල්ලි දෙන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න මෙය නිවැරැදිව කටයුතු කර නෑ. අදටත් මේ රටේ පොහොර ප්‍රශ්නයක් තිබෙනවා.
පොහොර නෑ. නිලධාරීන් මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙනත් නෑ .මෙහෙම වුණාම නිලධාරීන් සහ දේශපාලකයන් එකට එකතුවී ජනතා සේවය කරන්නේ කොහොමද ? මාධ්‍ය මගින් හෝ වෙනත් සමිතියක් මගින් නිලධාරියෙකු දුරකථන දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අපහසුයි. ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසුවේ නැති වුණත් නිලධාරීන් තමන්ගේ පහසුකම් අඩු කරගෙන නෑ.
තනතුරු රැක ගැනීමට, උසස්වීම් ලබාගැනීමට, ස්ථාන මාරු ලබාගැනීමට ඇතැම් නිලධාරීන් ගොට්ට අල්ලනවා. ගොවියා ගේ විශ්‍රාම වැටුප් ලබාදීමට, වන්දි ලබාදීමට, කළුතර දිස්ත්‍රික්කයේ වගා හානි ලබාදීමට ,සතුන්ගෙන් වන වගා හානිය වළක්වා ගැනීමට මේ නිලධාරීන් කිසිම දෙයක් කරලා නෑ. පසුගිය කාලයේ කරල තියෙන එකම දේ අමාත්‍යාංශයට අලුතින් ගොඩනැගිල්ලක් කර ගැනීම. ඒකෙන් එළියට යන්නේ නැතිව තැග්ගැහි ගැහි සිටීම පමණයි කරලා තියෙන්නේ. මේ රටට අහිතකර නිලධාරීවාදය කුඩුපට්ටම් කරන තුරු මේ රටේ කෘෂි කර්මාන්තය නගා සිටුවීමට කිසිසේත්ම බෑ.” යයි ඔහු මෙහිදී වැඩි දුරටත් පැවසීය.
The post නිලධාරීන් ගොට්ට අල්ලනවා appeared first on Lanka News Column.
0 Comments