
පාර්ලිමේන්තුවට ලබා දී ඇති මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ වෝහාරික විගණන වාර්ථා අසම්පූර්ණ බව කථානායකවරයා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී තිබේ.
අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව මහබැංකු බැදුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා 05ක් ලැබී ඇති බවයි කථානායක කරූ ජයසූරිය මහතාගේ නියෝගය මත පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ අනුව මහබැංකුව විසින් වෝහාරික විගණනයක් මේ වන විටත් සිදුකර තිබේ. එහි වාර්තාවක් පාර්ලිමේන්තුවට යොමුකර තිබු අතර නීතිපතිවරයා විසින් දැනුම් දී තිබුණේ එය මන්ත්‍රිවරුන්ට ලබා නොදිය යුතු බවයි.
එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම මත අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම වාර්තා මන්ත්‍රිවරුන්ට ලබාදීමට කථානායකවරයා තීරණය කර තිබුණි.
එහෙත් එම වෝහාරික විගණන වාර්තාවල ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැති බවයි පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
The post බැදුම්කරය ගැන කතානායක මහ බැංකුව විමසයි appeared first on Lanka News Column.

0 Comments